Author: LFN

සිංගප්පූරුවේ ජනගහනය වසරක් තුළ සියයට 5කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් වසංගතයෙන් පසුව විදේශීය කම්කරුවන් යළි පැමිණීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද පැවසෙයි. 2022 ජුනි මාසයේදී මිලියන 5.6ක් වූ ජනගහනය මෙම වසරේ ජූනි මාසය වනවිට මිලියන 5.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත…

Read More

නිවසක කුලී පදනම මත තාවකාලික ව පදිංචි ව සිටි පුද්ගලයකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. ඊයේ (30) සවස් කාලයේ දී හොරණ, බණ්ඩාරවත්ත, පොකුණුවිට ලිපිනයේ පිහිටි නිවසක මෙම පුද්ගලයා මියගොස් සිටිය දී සොයාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ, පෙතිගමුව කන්ද, හල්තොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් කළ ඉල්ලීමට එරෙහිව අධිකරණ ක්‍රියාමර්ග ගැනීමට සූදානම් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම ඉල්ලීම සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝබර් 18 වනදා දක්වා මහජන අදහස් විමසීමට නියමිත බවය. එම ඉල්ලීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ඉන්ධන අයභාරයක් ලෙස සියලුම විදුලි පාරිභෝගිකයින්ට 22%ක ගාස්තු වැඩි කිරීමක් හෝ විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය කොමිසමෙන් ඉල්ලා ඇති බවය. ඒ අනුව එම ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝබර් 18 වනදා දක්වා මහජන අදහස් විමසීමට නියමිත බව…

Read More

වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු භට නිවාසයක් තුළදී මියගොස් සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද (30) අලුයම එම පොලිස් සැරයන්වරයා මියගොස් ඇති බවද පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, 52 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකි. පොලිස් සැරයන්වරයා මියගිය හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය. “වැලිකන්ද පොලිස් ස්ථානයේ බැරැක්කයක් තුළ එහි සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකු අද අලුයම් කාලයේදී මිය ගිහිල්ලා තියෙනවා. මෙම මියයෑම යම්කිසි හදිසි අනතුරක් නිසා සිදුවුණ දෙයක්කද නැත්නම් සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් වෙනයම් ආකාරය…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ කොළඹ 07 ධර්මායාතන පරිශ්‍රය වෙත පැමිණ තිබේ. ජනතාවට උහුලාගත නොහැකි බඩු මිල සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේ දී අවධාරණය කර ඇත. එහි දී හිටපු ජනාධිපතිවරයා, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අතර, එම හමුවෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබාදුන්නේය. ඕනෑම අවස්ථාවක පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා සූදානම් බවත් ඒ සඳහා කිසිදු බියක් නැති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඔහුට තවත් වයස ඇති බවයි.

Read More

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්ත ව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වූ ගොවිතැන් සඳහා වන්දි ලබා දීම ආණ්ඩුව ක්‍රමානුකූල ව මඟහරිමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, ගොවීන්ට වන්දි ලබා දීමට කඩිනමින් පියවර ගත යුතු බවයි. පෞද්ගලික අංශයට පොහොර ගෙන ඒම සඳහා රජය අවසර දීම මඟින් ඉදිරියේ දී පොහොර මිල ශීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් පවතින බව ද නාමල් කරුණාරත්න මහතා පෙන්වා දී තිබේ.

Read More

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ. අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අප වාර්තාකරු පැවසීය. වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා ඇති බව සඳහන්ය. වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බව ද වාර්තා වේ. සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47කි. මෙම සිදුවීම පිළිබඳ අප මහියංගණ පොලීසියෙන් විමසීමක් කළ අතර, පොලීසිය ද සිද්ධිය තහවුරු කළේය.

Read More

රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 1ක් රිවෝල්වර 1ක් විදේශිය නිෂ්පාදිතජීව අත්බෝම්බ 2ක් සහ උණ්ඩ 43 සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි. ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මත මීට සති දෙකකට පමණ ඉහත දී ද කඩුවෙල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ ටී ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබිණි. ගනේමුල්ල සංජීව නමැත්තාගෙන්…

Read More