Author: LFN

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිය. සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඉතාම සීමිතව කරන්න සිදුවෙලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. රේගු ඇබෑර්තු රැසක් තියෙනවා. එයින් අත්‍යවශ්‍යම කොටස බඳවා ගන්න දැන් කටයුතු කරනවා. මුලින් සාකච්ඡා වුණේ රජයේ සේවයේ ඉන්න අයගෙන් පමණක් ගන්න. නමුත් අවසානයේ තීරණය කළා මේ රටේ උගත් දක්ෂ තරුණ තරුණියන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න. සහකාර රේගු අධිකාරීවරු 138කුත්, ඒ වගේම රේගු පරීක්ෂකවරු 45කුත් බඳවගන්න ලංකාවේ තියෙන ඉහළම තරග විභාගය…

Read More

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට වාර්තා වී ඇත්තේ, නිපා වෛරස් රෝගීන් 06 දෙනෙකු පමණක් බවයි. පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර, හමුවූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් පසුගිය 22 වැනි දිනෙන් පසු ඉන්දියාවෙන් කිසිදු නව ආසාදිතයෙක් හදුනාගෙන නොමැති අතර, ආසාධිත රෝගීන් සබඳතා ඇති බවට සැක කළ 700කට අධික පිරිසක් නිරෝධායනය කර ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. නිපා වෛරස් ව්‍යාප්තිය…

Read More

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (ඔක්තෝබර් 01)ට යෙදී තිබෙනවා. මෙවර ළමා දින තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න වන අතර මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි. “ලෝක ළමා දිනය” සැමරීමට දිනයක් ‍යොදා ගත යුතු බව ප්‍රකාශයට පත් කෙරුණේ 1925 දී පැවති දරුවන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවේදීයි. ඒ සඳහා සුදුසු දිනයක් තෝරා ගත යුතු බවට තීරණය කෙරුණේ, 1954 වසරේදී වන අතර ඒ අනුව, රටවල් එම දිනය සැමරීම සඳහා විවිධ දින යොදා ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය සමරන්නේ, ඔක්තෝබර් 01 වැනි දිනයි. මෙවර ලෝක ළමා දින උත්සවය…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාගේ පළායෑමේ සැලැස්මට ආධාර අනුබල ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව බවද වාර්තා වෙයි.

Read More

පොතුහැර, ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමියන්ව තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබේ. පසුගිය (29) රාත්‍රීයේ එම ඝාතනය සිදුකර ඇති බව පොතුහැර පොලීසිය පවසයි. 64 හැවිරිදි සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී එසේ ඝාතනයට ලක්වී ඇත. මෙම හිමියන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ. මිය ගිය දිනද රාත්‍රී කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා යුවළටද නිවසින් පිටව යන ලෙස පවසා හිමියන් විහාරස්ථානයේ සිට තම නිවසට පැමිණ ඇති බවත් පොලීසිය කියයි. එදින රාත්‍රියේ හිමිනමගේ ගෙල…

Read More

ඔක්තෝබරයේදී පැවැත්වෙන ඉන්දීය සාගරයේ වටද්දර රටවල සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, “ලබන මස ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය හෙවත් IORA සමුළුව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ පැවත්වෙන එම සමුළුව සඳහා මම එක්වනවා. එහිදී ඉන්දියානු – පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව සහ සාගර කලාපය සුරක්ෂා කිරීම ගැන අවධානය යොමු කරනවා.” මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් පළ කළේය. “අපි දුටුවා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථීකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී යන ආකාරය. මේ සම්බන්ධයෙන් අපට ඉදිරියට පැමිණිමට සිදුවුණා.…

Read More

අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඊයේ (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව පැවසීය. අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කළ හැකි බවට පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බවද ඔහු පැවසීය. 2022-2023 ශ්‍රී පාද වන්දනා සමග අවසන්වීමත් සමග ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ කරුණා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබුණි. අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමේදී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන…

Read More

ෂී යැන් 6 (Shi Yan 6) නම් චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව මේ වනවිට ඉන්දින් සාගරයට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ෂි යැන් 6 නමැති අදාළ චීන සමූද්‍ර පර්යේෂණ නෞකාව දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බව මීට පෙර පැවැසුවද පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කළේ ෂි යැන් 6 නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසරදී නැති බවය. කෙසේවෙතත් නෞකාව මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් නොදක්වන පසුබිමක ෂී යැන් 6 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඔක්තෝබර් මස 17 සහ…

Read More

මහියංගනය රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙනවිත් මහවැලි ගඟ අසළ ගැටගසා සිටි ඇතින්නකට වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු වෙඩි තබා තිබුණි. වන අලියෙක් යැයි සිතා වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් ඇතින්නගේ පපු ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණි. ඊයේ අලුයම 3ට පමණ පෙරහරේ කටයුතු අවසන්වු පසු පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් කිහිපදෙනෙකු විහාර භූමියේ මහවැලි ගඟ අසබඩ ගැට ගසා විවේක ගැනීමට සලස්වා තිබුණි. ඒ අතරවාරයේදී අලුයම 03.30ට පමණ ආරක්ෂාව සඳහා යොදවා සිටි වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු මහවැලි ගඟෙන් මෙගොඩට ආ වන අලියෙකු යැයි සිතා ගැටගසා සිටි ඇතින්නකට වෙඩිතබා තිබුණි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුයේ අවුරුදු 48…

Read More