Author: LFN

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් යොදා ගැනීමෙන් සිදු වන්නේ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කරයි. කොළඹ දී ඊයේ (20) කතෝලික සභාව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිරිල් ගාමිණී පියතුමන් ඒ බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයා ද එක් ව සිටියේය. එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරීන් ද කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව අද ශ්‍රී ලංකා…

Read More

මතුගම ප්‍රදේශයේදී JCB යන්ත්‍රයකට යටවීමෙන් පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. මියගොස් ඇති පාසල් සිසුවා චෙස් පුහුණුවීම් නිමවී පාසලට යාබද ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුර සම්බන්ධයෙන් JCB යන්ත්‍ර ක්‍රියාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර JCB යන්ත්‍ර ක්‍රියාකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව ගංගාවල ජල මට්ටම අවධානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බව ද එම ඒකකය වැඩිදුරටත් නිවේදනය කර ඇත. මේ අතර, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි. නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් සහ තලගහගොඩ ප්‍රදේශයෙන් මෙලෙස ඉහළ යමින් පවතී. එහි ජල මට්ටම ද මේ වනවිට අවධානයෙන් පසු විය යුතු මට්ටමක…

Read More

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇතැයි 119 ලද පණිවුඩයක් ලැබුණු බවය. ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පළාගොස් ඇතැයි අනාවරණය වී තිබේ. එහිදී සිද්ධියෙන් තුවාල ලැබු සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 27ක් හා 36ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සිද්ධියෙන් තුවාල ලැබු තුවාලකරුවන් වයස අවුරුදු 42 ක් හා 43ක්…

Read More

බිංගිරිය පොලිස් ස්ථානයට කඩා වැදී රාජකාරියේ නිරත වෙමින් සිටි රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බැන වැදුණු බව කියන කාන්තාවක් මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හෙට්ටිපොළ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, සැකකාරිය හිඟුරක්ගොඩ, තානායම පාර පදිංචි කාන්තාවක් බව වාර්තා වේ. ඉකුත් 19 වැනිදා දහවල් කාලයේ දී තමන් පොලිස් ස්ථානයේ නිල කාමරයේ රාජකාරියේ නිරත වෙමින් සිටින අතරතුර එක් කාන්තාවක් පැමිණ තමාට පරුෂ වචනයෙන් බැන වැද රාජකාරියට බාධා කළ බවට පැමිණිලිකාර පොලිස් නිලධාරියා සඳහන් කර ඇත. පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, බිංගිරිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියංකර යන අය විසිනි. පැමිණිල්ල අනුව ක්‍රියාත්මක…

Read More

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. * සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. *දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි. *හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. *සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි. *ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි. *රතු…

Read More

උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (20) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යාලයට සංදේශයක් භාරදුනි. මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනනේ පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින නියෝජිත කණ්ඩායමේ අවධානය සඳහා අදාළ සංදේශය භාරදුන් බව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය. ඔවුන් පවසන්නේ IMF පළමු සමාලෝචනයේදී අදාළ උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන වන බවය. මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂය තවදුරටත් චෝදනා කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී එහි වැඩි බර මහ පරිමාණ ලාභ ලබන සමාගම්වලින් ඉවත් කර කම්කරු පන්තිය වෙත පටවා ඇති…

Read More

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේණාධීර මහතා සඳහන් කළේ, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ත සඳහා එම නිවේදන නිකුත් කර ඇති බවය. “ඊයේ දිනයේදී ලැබුණ අධික වර්ෂාපතනය සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය රාත්‍රී 10.30ට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා. එ් අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, අඟලවත්ත,මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය…

Read More

වේල්සයේ කුමරිය ඩයනාට අයත් ව තිබූ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ සුදු පැහැ බැටළුවන් සිටින රතු පැහැ කබාය ඩොලර් මිලියන 1.1ක මුදලකට වෙන්දේසි වී තිබේ. එය වෙන්දේසි කෙරුණේ සොතබීස් වෙන්දේසි සමාගමේ නිව්යෝර්ක් ප්‍රදර්ශනාගාරයේ දී ය.‍ මෙලෙස වෙන්දේසි කෙරුණේ ඩයනා කුමරියට අයත් ව තිබූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ කබායකි. සොතබීස් සමාගම අපේක්ෂා කළේ එය ඩොලර් 50,000ත් 80,000ත් අතර මුදලකට අලෙවි වනු ඇති බවය. මෙම කබාය මසා නිම කර ඇත්තේ රතු පැහැ කබාය මත සුදු බැහැ බැටළුවන් සිටින අයුරු දිස් වන ආකාරය ට ය. එහි එක් තැනක කළු පැහැ බැටළුවෙක් ද දැක ගත හැකිවේ. ඒ අනුව මෙම කබාය ප්‍රසිද්ධව…

Read More

මාළිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා පසුගිය පළමු වනදා මාළිගාවත්ත එච්. ආර් ජෝතිපාල මාවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවය. ඔහු කොළඹ 08 බේස්ලයින් පාර, ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. වෙඩිතැබීම සඳහා පැමිණි වයස අවුරුදු 20ක යතුරුපැදිකරු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

Read More