Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලයේ වෙඩික්කරුවා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
    Featured

    පාතාලයේ වෙඩික්කරුවා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    By LFNOctober 8, 2023No Comments2 Mins Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් පසුගිය අගෝස්තු මස 25 වනදා තලංගමදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    ඒ අනුව, පොලීසිය හඳුනාගෙන තිබුණේ සුපුන් ආකාශ් හෙවත් “කොට සුපුන්” නැමැත්තෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    අනතුරුව ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණේ කොට සුපුන් ඇතුළු කණ්ඩායමක් වග දුම්රිය ස්ථානය පසුපස පිහිටි ඉඩම් කැබලිකර විකුණන ස්ථානයක තවත් අපරාධයක් සඳහා සූදානම් වන බවටය.

    ඉන්පසුව කොට සුපුන් විදෙස්ගතවීමට සූදානම්ව සිටින බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණි.

    ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් 30දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම ප්‍රදේශයට ඊයේ (07) අලුයම 3.30ට පමණ ගොස් ඇති බව පොලීසිය පැවසීය.

    එම අවස්ථාවේදී කණ්ඩායම් තුනක් අදාළ ස්ථානයට රහසිගතව ළඟාවනවාත් සමගම එහි සිටි පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් වෙතට වෙඩිතබා තිබේ.

    අනතුරුව එම ස්ථානයේ සිටි තවත් අයෙක් එස්.ටී.එෆ් නිලධාරීන් දෙසට පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබමින් එම ස්ථානයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    පසුව විමර්ශන නිලධාරීන් සිදුකළ සොයාබැලීමේදී “කොට සුපුන්” නැමැත්තා ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සමග පපුවට වෙඩි වැදී බිම වැටී සිට තිබේ.

    එම අවස්ථාවේදීම ඔහුව රෝහල වෙත රැගෙන ගියත් ඔහු එහිදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

    ඔහු යුද හමුදා කමන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර පසුගිය අප්‍රේල් මාසයේදී ඉන් පළා ආ අයෙකි.

    එමෙන්ම ඔහු ලඩියා හා ගඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතමයෙකු බව පොලීසිය පැවසීය.

    මියගිය පුද්ගලයා රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී එහි වූ බෑගයක් තුළ තිබී අත්බෝම්බයක් සහ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය විසින් සොයාගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.