Author: LFN
පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා ප්‍රමාදයෙන් වූ අලාභය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පවසන්නේ ගුවන් ගමන් 8ක් ප්‍රමාද වීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6ක පාඩුවක් සිදුව ඇති බවය.
ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසුවේ, අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බවය. ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ද ඉහළ දැමීමට පියවර ගෙන තිබුණි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වාත්, එතැන සිට බාලදක්ෂ මාවත දක්වාත් විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් මත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇත. සමාජ මාධ්‍ය හා ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව විරෝධතාවය සංවිධානය කර ඇති අතර, මදුෂාන් චන්ද්‍රජිත්, ගල්වැව සිරිදම්ම හිමි, දුමින්ද නාගමුව, ජොශප් ස්ටාලින්, ධම්මික මුනසිංහ, තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු විරෝධතාකරුවන් 9දෙනෙකුට එරෙහිව එම නියෝගය නිකුත් කර තිබේ.
ගම්පොළ නගරය හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයක් රෝහල ආසන්නයේ දී හදිසියේ ගිනි ගැනීමෙන් එය සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගියේය. ගම්පොල මිල්ලගහමුල ප්‍රදේශයේ සැමියා බිරිඳ හා දරුවන් මෙහි ගමන් කර තිබුණි. ඒ ආසන්නයේ තිබූ ඉන්ධන හලකින් ඉන්ධන ද ලබාගෙන මීටර් 50ක් පමණ ඉදිරියට යමින් සිටියදී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර අවට පිරිස් එක්ව එම ගින්න මැඬලීමට උත්සහ ගත්තද ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගියේය. ගම්පොල නගර සභාව තුල හෝ ගිනි නිවීමේ ඒකකයක් නොමැතිකමින් ගම්පොල සිදුවන ගිනි ගැනීම් වලින් මහා විනාශයන් සිදුවන බව ජනතාව පවසති. පසුගිය මාස කීපය තුළ පමණක් මෙම මාර්ගයේ මේ ආකාරයට ත්‍රීරෝද රථ 5ක් පමණ ගිනි ගනු…
අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (01) උදෑසන පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් ඇති බවය. අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා සුරියවැව රෝහලට ඇතුළත් කර ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 57 හැවිරිදි විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා තවත් අයෙක් සමග ආඩිගම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඒ සඳහා බිලි පිත්තක් සාදා ගැනීමට වැව ආසන්නයේ කැලෑබඳ පෙදෙසට ගිය අවස්ථාවේ දී බඹර ප්‍රහාරයට ලක්ව තිබේ. පසුව මෙම පුද්ගලයින් දෙදෙනා අසල තිබු වාඩියකට දිව ගොස් ඇත. එවිට වාඩියේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති බව වාර්තා වේ.…
මල්වතු මහනායකහිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දුරකථන ඇමතුම් ලබා දී ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා පිටත්කර යැවීමට හැකි බව පවසමින් සැකකරු එම මුදල් වංචාව සිදුකර ඇති බවය. සැකකරු විසින් රුපියල් 137,000ක මුදලක් වංචනික ලෙස තමන්ගෙන් තබා ගත් බව පවසා නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත නුවරඑළිය පොලීසිය සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු විසින් ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම්වල සඳහන් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා දී තමන් මල්වතු විහාරයේ මහනායක ස්වාමින් වහන්සේ බවත් තමන්ගේ සහෝදරයා ඔස්ට්‍රේලියාවේ පදිංචි බවත් ඔහුට ඉඩමක්…
මහරගම සීතා ඇතින්නට යකඩ මූණිස්සම් භාවිත කරමින් වෙඩි තබා ඇති බව වෛද්‍යවරුන් සඳහන් කළ බව ඇතින්නගේ භාරකරු පවසයි. ඔහු චෝදනා කරන්නේ ඇතින්නගේ ප්‍රතිකාර සඳහා ද වගකිවයුතු රාජ්‍ය ආයතන නිසි මැදිහත්වීමක් සිදුනොකරන බවය. මේ අතර සීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙසට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද අදාළ පාර්ශවයන් වෙත නියෝග කර ඇත. මහියංගනය රජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහරට එක්වීමෙන් පසුව මහවැලි ගඟ අසබඩ විහාර භූමියේ ගැට ගසා සිටි මහරගම සීතා ඇතින්නට සිවිල් ආරක්ෂක බළකා සෙබළෙකු විසින් රබර් උණ්ඩ මගින් වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය (30) අලුයම් කාලයේදීය. මහියංගන පෙරහැර මංගල්‍ය සඳහා විවිධ ප්‍රදේශවලින්…
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව ඊයේ (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් කළ පැමිණිලි කිහිපයක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම අවස්ථාවේ දී සැකකරු සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ නිවසේ සඟවා තිබූ මත්පෙති 1,080ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420කි. මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 421කි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. අද පෙරවරු 9.30ට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිත බව වාර්තා වේ. පසුගිය දිනවල ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වූ අතර ඇතැම් ගුවන් ගමන් වාරවල ප්‍රමාදයන් දිගින් දිගටම සිදුවුණි.