Author: LFN

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම සිය අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එම ඉලක්කය කරා ළගාවීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහතින්, පළමුවෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ සභාපති ලෙස පත් වූ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ ගරු ඩෙනිස් ෆ්‍රැන්සිස් මැතිතුමාට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමීමට කැමතියි. ඒ වගේම පසුගියදා ඇතිවූ ස්වභාවික ආපදා තත්ත්වයන්…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් එම වාරණ නියෝගය නිකුත් කර තිබේ. දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණේ, තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඉකුත් 18 වනදා පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලිපියක් නිකුත් කර ඇති බවය. එවැනි නිදහසට…

Read More

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් අපි සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ කළහොත් 2024 මාර්තු, අප්‍රේල් පැවැත්වීමට සැලසුම් කරලා තියෙන 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි, ජූනි දක්වා කල්දැමීමට සිදුවනු ඇත. 2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජූලි මාසයේ දී සිදුවනු ඇත. 2024 ජූලි මාසයේ දී ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කර තිබේ. ඌව සහ නැඟෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ලොව ධනවත්ම මිනිසා වන ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ගේ නවෝත්පාදන සමාගම නියුරලින්ක්, දැන් නව අදියරයකට පිවිස ඇති බව වාර්තා වේ. ඒ අංශභාගයෙන් අප්‍රාණික ව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සඳහා අවසර හිමි වීමත් සමඟයි. මිනිස් මොළයට ආගන්තුක කෘත්‍රීම මෙවලමක් සවිකිරීමේ අවදානම නිසා ඒ සඳහා මෙතෙක් අවසර හිමි වූයේ නැත. නියුරලින්ක් අධ්‍යයනය සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබන්නේ, කොඳුඇට පෙළට සිදු වූ හානියකින් අප්‍රාණික වූ හෝ අත් පා අප්‍රාණික වීමේ රෝගයට ගොදුරු වූ රෝගීන්ටයි. එම අධ්‍යයනය සම්පූර්ණ කිරීමට වසර 06ක් පමණ ගත වනු ඇති බව විශ්වාස කෙරේ. අධ්‍යයනය සඳහා තෝරාගන්නා රෝගීන්ගේ…

Read More

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කර තිබේ. එමෙන්ම පෙත්සම්කාර සමාගමට මාසයක් ඇතුළත විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් කළ ඉල්ලීමට බාධා සිදුකරමින් ඊට අනුමැතිය නොදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ බවට පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ වව්නියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් විසිනි. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට එරෙහිවය. එම සමාගම පවසන්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ…

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙහි අරමුණු ලෙස දක්වා ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම ඇතුළු ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමය. මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වරදක් සිදුකරන අවස්ථාවකදී, රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් සිදුවේ නම් කවර ස්ථානයකදී සිදුකරනු ලැබුව ද පනතේ විධිවිධානවලට අනුව පියවර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙයි. මෙලෙස මාර්ගගත…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ආචාර්‍ය එච්.ඊ. සයීඩ් ඊබ්‍රහීම් රයිසි මහතා හමු වී තිබේ. නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සමගාමී ව මෙම හමුව පැවැත්වී ඇත. නායකයන් දෙදෙනා සුහද සාකච්ඡාවක නිරත වී ඇති අතර, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉරාන ජනාධිපති ආචාර්‍ය එච්.ඊ. සයීඩ් ඊබ්‍රහීම් රයිසි මහතා පිළිගත් බව ද වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන ඊයේ (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර තිබිණි. අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ අද තුන්වැනි දිනටත් විභාග කෙරිණි. එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණි. එහි…

Read More

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානක ශ්‍රී ලංකා පිලේ නායකත්වයෙන් ඉවත් කර ඒ සඳහා කුසල් මෙන්ඩිස් පත්කිරීමේ සූදානමක් ඇතැයි විවිධ ප්‍රචාර පැතිර තිබිණි. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ දීත් ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානක වෙත ම පැවරීමට ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (20) තීරණය කර ඇතැයි වාර්තා විය. දසුන් ගේ පෞද්ගලික දක්ෂතා දුර්වල මට්ටමක පැවතීම මත ඔහු ව නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට විවේචන එල්ල වූ අතර, තේරීම් කමිටුව මෙම තීරණයට එළැඹ ඇත්තේ, ඊයේ සහ අද පැවැත්වූ දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් පසු ව බව සඳහන්ය. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක නායකයකු ලෙස සාර්ථක…

Read More