Author: LFN

පේරාදෙණිය සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවෙකි. ඔහු පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත. පොලීසිය පවසන්නේ මියගොස් ඇති සරසවි සිසුවා ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයේ නාන කාමරයක ඇදවැටීමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවය. පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට සහායවීමට උත්සාහ ගත් සිද්ධියේ පොලිස් කොස්තාපල්වරයාට සහාය ලබාදුන් බවට සැකපිට තවත් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් සමග මෝටර් රථයක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන ඇත.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

දංඕවිට, හැදල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු මියගොස් තිබේ. ඊයේ (22) සවස් කාලෙයේ දී එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු විසින් පස් කන්දක් කපමින් සිටිය දී අඩි 15ක් පමණ ඉහළ සිට පස් කන්ද කඩා වැටී ඔහු එයට යට වී ඇති බව පොලීිසිය වාර්තා කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

වත්තල, දික්ඕවිට ධීවර වරාය අසල මුහුදු තීරයට නාඳුනන පුද්ගලයකු ගේ මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ. ඊයේ (22) උදෑසන කාලයේ දී එම සිද්ධිය වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි. මරණකරු අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසේ පසු වන උස අඩි 05යි අඟල් 06ක් හා තරබාරු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි. ඔහු ගේ උඩුකය නිරුවත් ව ඇති බවත් යටි කයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටින අතර, කළු පැහැති බඳ පටියක් පැලඳ සිටින බවත් පොලිසිය වාර්තා කර තිබේ. හදිසි මරණ පරික්ෂණය සිදු කර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Read More

කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේ දී නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, කඹුරුපිටිය, උල්ලල ප්‍රදේශයේ පදිංචි තාරුෂ දිනුවර නමැති ශිෂ්‍යයෙකි. ශිෂ්‍යයා, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවකු වන අතර, ඔහු පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ අයකු බව ද වාර්තා වේ. ඔහු ඇතුළු හොකී කණ්ඩායම හෙට (23) දිනයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පුහුණුවීම්වල නිරත ව තිබේ. පුහුණු වීම් නිමා වීමෙන් පසු පුහුණුකරු විසින් සිසුන්ට පාසල බලා පිට ව යන ලෙස දැනුම් දී ඇති නමුත් මිය ගිය සිසුවා වෙනත් සිසුන්…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය. සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධූරය අත්හිටුවීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කරන ලදී. අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා දැනුම් දුනි. ඒ අනුව විරෝධතාවලට…

Read More

රටපුරා බොහෝ රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ අද (22) කෑම පැයේදී රෝහල් අසල විරෝධතා පැවැත්වුහ. රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය හිඟය සහ අනෙකුත් ගැටලු සඳහා බලධාරීන් වැඩි සැලකිල්ලක් නොදැක්වීම මෙම විරෝධයට හේතුව බව සෞඛ්‍ය සේවකයෝ පවසා ඇත. ඒ හේතුවෙන් රෝගීන් ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක පවතින බව ඔවුන් පවසයි.

Read More

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව අද (22) දිනයේ පුවත්පතක් වාර්තා කර තිබේ. ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි මෙම පුද්ගලයා ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉන්දීය අධිකරණයද මගහරිමින් සිට ඇත. මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනීසිටිමින් ඉතා රහසිගත ලෙස කටයුතු කර ඇති බවද එහි වැඩිදුරටත් වාර්තා වෙයි. ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව දීර්ඝ කාලීනව සිදුකරන…

Read More

මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකළ ඝාතන බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළේය.

Read More