Author: LFN
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. හෙට (08) දිනයේ පළවීමට නියමිත “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙරට තුළ එබඳු පරීක්ෂණයක් පැවැත්වීම නීතිවිරෝධී බවය. හෙට දිනට පළ කිරීමට නියමිතව ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ එලෙස පවසයි. උපුටාගැනීම, කතෝලික රදගුරු සංගමයේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තී හිමියන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ (06) නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය දින 02කට බලපැවැත්වෙන බවයි. පවතින අධික වර්ෂාවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයටයි. අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ සියලුම පාසල් එළැඹෙන 09 සහ 10 යන දෙදින වසා තැබෙන බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව පැවසීය. අනතුරු ඇඟවීමේ නිවේදනය අනුව අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසු විය…
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතයි. දිල්ලිහි දී පැවැත්වෙන තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිත ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන්නේ, ටෙම්බා බවූමා විසිනි. ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ගේ සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක් පැවතිය ද ඔහු ගේ ආබාධය සුව අතට හැරුණු බව වාර්තා විය. කෙසේ වෙතත් ඔහුට අද පැවැත්වෙන පළමු තරගය මඟ හැරෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගි වූ පෙරහුරු තරග දෙකම පරාජයට පත් විය. ඒ, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේය.
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතක් පිටත් කර යවා ඇති බව සඳහන්ය. කොළඹ ගිනි නිවන ඒකකය මේ බව නිවේදනය කරයි.
පොලිස් විශේෂ කාර්‍ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් හිටපු කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත් ව තිබේ. අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම කමාන්ඩෝ සෙබළා අවශ්‍ය කර සිටි සැකකරුවකු බව ද වාර්තා වේ. හංවැල්ල පොලිස් විශේෂ කාර්‍ය බළකා සෙබළුන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මෙසේ ඔහු මිය ගිය බව සඳහන්ය.
අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි. ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
දිවයිනේ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක් ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ සංගමය අවධාරණය කරයි. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800 දෙනෙකු ගේ හිඟයක් මේ වන විට පවතින බවයි.
වෙරිටේ රිසර්ස් ආයතනය සිදු කළ සමීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් සියයට 28කට පමණක් අයි.එම්.එෆ් ගිවිසුමෙන් වාසි සිදුවන බවත් එම අගය අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය නොලැබී යාමත් සමඟ තවත් පහළ වැටී ඇති බවත් හියුමන් ෆ්ලයිට් ඇන්ඩ් බ්‍රෙර්ය් ඩේරයින් ඉන්ඩෙක්ස් එකට අනුව අප රට 2007-2023 අතර කාලයේ දළ වශයෙන් 7.23ක ශ්‍රේණිගත කිරිමක සිටියත් මේ මොහොත වන විට එය 8.4ක් වී ඇති බවත් රටවල් 177ක සාමාන්‍ය අගය ද 5.42ක් බවත් අපේ රටේ අගය ලෝකයේ අගය පවා අභිබවා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (7) පාර්ලිමේන්තුවේ දී බුද්ධිගලනය සම්බන්ධයෙන් වන විවාදයේ දී අදහස්…
සිරියාවේ හෝම්ස් නගරයේ පිහිටි හමුදා පුහුණු පාසලකට එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වෙයි. කැඩෙට් භටයින් විසිරයෑමේ උත්සවයක් අතරතුර එම ප්‍රහාරය එල්ලකර තිබුණි. ඉන් දරුවන් සහ කාන්තාවන් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය.