Author: LFN

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසි ද ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අම්බලන්ගොඩ, මාදම්පා ග⁣ඟේ මේ දිනවල කිඹුලෙකු සැරිසරණ බව ප්‍රදේශවාසීන් පවසයි. අම්බලන්ගොඩ ඌරාවත්ත ගංගාරාම විහාරය පිටුපස ඊයේ (08) දහවල් සිට මෙම කිඹුලා සිටින බව ඔවුන් ප්‍රකාශ කළේය. එබැවින් අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා ඉවත්කර දෙන ලෙසට ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව වනජීවි දෙපාර්තමේන්තුවට ද දැනුම් දී ඇති නමුත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය ඔවුන් පැවසීය. කිඹුලා සිටින බැවින් ගඟ දෙපස නිවෙස්වල ජනතාව බියෙන් සිටින බවත් ධීවර කටයුතු ද නවතා දමා ඇති බව ගම්වාසින් වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

මඩලකලපුව නාවල්අඩි කළපුවේ දී සිසුන් හයදෙනෙක් ගමන්ගත් ඔරුවක් පෙරළී අනතුරක් සිදුව තිබේ. ඊයේ (08) දහවල් 12ට පමණ මඩකලපුව සීලාමුනේ ප්‍රදේශයේ සිට නාවල්අඩි ප්‍රදේශයට මෙම සිසුන් පැමිණ තිබුණි. පසුව ඔවුන් හයදෙනා නැවත සීලාමුනේ බලා පිටත්වීමට ගොඩට පැමිණෙමින් තිබිය දී ඔරුව පෙරළී එයට යටවී ඇතැයි වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ එහිදී ඔරුවේ ගමන්ගත් සිසුන් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවය. මෙම සිසුන් ටික්ටොක් වීඩියෝවක් සැකසීම සඳහා මෙලෙස ඔරුවකින් ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 18 සිසුන් දෙදෙනෙකි.

Read More

පෙන්සිල්වේනියාවේ මල් ශාලාවක වසර 128ක් පුරා තැන්පත් කර තිබූ මළ සිරුරකට අවසන් ගෞරව දක්වා භූමදානය කිරීමට කටයුතු කර තිබුණි. ඒ ඔහුගේ අනන්‍යතානය හඳුනාගැනීමෙන් අනතුරවය. මමියක් ලෙස තැන්පත් කර තිබූ මෙම පුද්ගල සිරුර මෙතෙක් කල් හඳුන්වා ඇත්තේ ස්ටෝන්මන් විලී (Stoneman Willie) ලෙසය. ඒ එම සිරුරේ සම ඝනව පැවැතීම හේතුවෙනි. මෙම මමිය, ව්‍යාජ නමකින් පෙනී සිට, 1895 වසරේ සිරගෙදරක දී මියගිය පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබේ. මොහුගේ සත්‍ය නාමය වී ඇත්තේ ජේම්ස් මර්ෆි ය. ශතවර්ෂයකට අධික කාලයකට පසු ජේම්ස් මර්ෆි ගේ මමිය පෙන්සිල්වේනියාවේ රීඩිං නගරයේ සුසාන භූමියක මිහිදන් කිරීමට කටයුතු කර ඇත. එම සොහොන් ගලෙහි ‘Stoneman Willie’ ලෙස විශාල අකුරෙන් කැටයම් කර…

Read More

විරාත් කෝලි සහ කේ එල් රාහුල්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ඔස්ට්‍රේලියාව පරදවා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම තරගය චෙන්නායි හිදී පැවැත්වුණි. එහිදී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. නමුත් ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 199ක් පමණි. නමුත් ඉන්දීය ඉනිමේ ආරම්භය සුබ වූයේ නැත. ඔවුන්ගේ පළමු කඩුලු 3ම ලකුණු 2කට දැවී ගියේය. ඉෂන් ක්‍රිෂන්, නායක රෝහිත් ශර්මා සහ ශ්‍රේයස් අයියර් ලකුණු ලබාගැනීමට අපොහොසත් වූහ. අනතුරුව පිටියේ එක්වූ කෝලි සහ රාහුල් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියහ. ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 165ක් එක් කළහ. කෝලි ලකුණු 85යි. ඒ අනුව තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත්…

Read More

ගාසා තීරයේ ගැටුමෙන් ශ්‍රී ලාංකිකයෙකු ද තුවාල ලබා ඇති අතර තවත් ශ්‍රිලාංකිකයෙකු අතුරුදන් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය. එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් බණ්ඩාර මහතා, “දකුණු කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තියෙන්නේ. ඔහු සංචාරක හෝටලයක සේවකයෙක්. ඔහුගේ බඩට සහ අතට වෙඩි වැදි තිබෙනවා. ඔහුව රෝහල් ගත කළා. ඔහුගේ තත්ත්වය වඩාත්ම බරපතළ නෑ. තවත් තොරතුරක් වාර්තා වුණා ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳව.…

Read More

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වලට සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එසේම සෑම පෝස්ටරයකම තම තමන්ගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය. අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන් පාඨ දේශපාලනය රට අගාධයට ඇද දැමු බව ද සඳහන් කළේය. එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව සිහිපත් කළ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ…

Read More

2019 සිට 2022 වසර දක්වා උසස් පෙළට පෙනී සිටි කිසිදු කණ්ඩායමකින් මේ වන තෙක් විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීමට ගැසට් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය සඳහන් කරයි. ඇය ප්‍රකාශ කළේ, ගුරුවරුන් විශාල පිරිසක ගේ හිඟයක් වර්තමානයේ පවතින නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එම හිඟය පියවා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. රට මේ වනවිට අධ්‍යාපනය හමුවේ භයානක අනතුරක ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Read More

ඇල්පිටිය ප්‍රදේශයේ දී හමුදා සෙබළෙකු සහ හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්ය. සැකකරුවන් දෙදෙනා යමෙකුට වෙඩි තැබීම සඳහා සූදානම් ව සිට ඇති බව පොලීසිය වාර්තා කරයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතු ව තිබී පිස්තෝලයක්, මිලිමීටර් 10 පතොරම් 10ක්, ව්‍යාජ අංක තහඩු සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Read More