Author: LFN

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩිතැබීම සිදුව ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේදීය. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ඉදිරියේ දී දරුවන් පාසල් පන්ති කාමරය තුළ රැඳීසිටීම අනිවාර්ය වන අතර සියලු‍ම ශ්‍රේණිවලට එය අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. ඒ අනුව සිසුන්ට විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරයි. නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් වෙමිනි. අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක්…

Read More

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය වෙඩිතබා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. පේදුරුතුඩුව අල්වායි ප්‍රදේශයේදී එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට ප්‍රහාරයක් එල්ලකර ඔහු පළායාමට උත්සාහ ගෙන තිබේ. එහිදී පොලීසිය විසින් සැකකරුට වෙඩිතබා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සැකකරු යාපනය ප්‍රදේශයේදී එල්ලවූ කඩු ප්‍රහාර කිහිපයකට සහ සොරකම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවෙකි. පේදුරුතුඩුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි. ඒ අනුව අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 2,000කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 155,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගිය බදාදා දින එය දැක්වුණේ රු. 152,200ක් ලෙසය. මේ අතර ගිය සතියේ බදාදා වනවිට රු. 164,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 168,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) එම මරණය හේතු සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත නියෝග කළේය. අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මියගිය අයගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බව සඳහන් කළේය. යම් හෙයකින් මරණකරුගේ ශරීරය භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි “චර්ච්…

Read More

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද දෙරණට පැවසුවේ එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බවය. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවය. එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද ඒ…

Read More

පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිතව තිබේ. ජූලි මස 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සේවා දිගුව ලබාදී තිබුණි. කෙසේවෙතත් සී.ඩී වික්‍රමරත්න මහතාට තවදුරටත් සේවා දිගුවක් ලබාදෙන්නේ ද එසේත් නොමැති නම් නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්ය. පවතින තත්ත්වය හමුවේ සී.ඩී වික්‍රමරත්න මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ. නව පොලිස්පතිවරයෙකු පත් කළහොත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ කිසියම් බෙදීමක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බවට සමීප පාර්ශවයන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇති…

Read More

එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා එම ධුරයට පත් කර ගැනීම සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර එකඟතාවක් පළ වී ඇති බවද සඳහන්ය. පක්ෂය පෙර පැවැති ශක්තිමත් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින එකම පුද්ගලයා රවී කරුණානායක මහතා බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අතර මතයක් පැවතීම ඊට හේතුව වී තිබේ. කෙසේවෙතත් පක්ෂයේ සුළු පිරිසක් පමණක් මොහු පක්ෂ මහ ලේකම් ධුරයට පත්කර ගැනීමට පවතින සුදානම සම්බන්ධයෙන් සිය අකැමැත්ත පළ කර ඇති බවද සඳහන්ය. ඊට හේතුව වී ඇත්තේ…

Read More

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ දක්වා දෙපාර්ශවයේම 1,000කට අධික පිරිසක් මියගොස් තිබේ. මේ වන විට දෙපාර්ශවය අතර පවතින ගැටුම් උග්‍ර අතට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය. ගැටුම්වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයින් 600 කට අධික සංඛ්‍යාවක් මියාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර පලස්තීනයේ මරණ 413ක් පමණ සිදුව ඇත. මේ අතර මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ රැඳී සිටි නේපාල සිසුන් 10 දෙනෙකු ද මියගොස් ඇති බව නේපාල රජය තහවුරු කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් අතර ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවය. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේය. “බරපතළ අර්බුදයක් තියෙනවා, මේ දුම් පරීක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම දැන් ඒ් නිසා අපි සංගමයක් විදිය‌ට තීරණයක් අරන් තියෙනවා. මේ දුම් පරීක්ෂාව ජනවාරී මාසයේ සිට අපි අත්අරින්න කටයුතු කරනවා. මොකද දුම් පරීක්ෂාව කියන…

Read More