Author: LFN
රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය වූ ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් පැහැරගත් ගිනි අවියක් බවට පොලීසිය සැක කරයි. කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් ටී-56 ගිනි අවියක් අස්ථානගත වී ඇති බවට පසුගියදා එහි උසස් නිලධාරියෙකු ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අදාළ කඳවුරේ අවි ගබඩාව අසල වළ දමා තිබූ ටී-56 ගිනි අවි සඳහා යොදාගන්නා මැගසීන් 14ක් සොයාගෙන තිබුණි. මේ අතර මින්නේරිය යුද හමදා කඳවුරෙන් පසුගිය 2020 වසරේදී ගිනි අවි 74ක් අස්ථානගත වී ඇති බවට වාර්තාවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකළේය. එහි ප්‍රථිපලයක් ලෙස ගිනි අවි…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10) පළමුවරට ආරම්භ කෙරුණි. ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය. 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සහ සමීප සම්බන්ධතා පැවැත්වූවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකෙරුණු නඩුව මුල්වරට කැඳවනු ලැබුවේ 2021 වසරේ ඔක්තෝම්බර් 04 වනදාය. එතැන් පටන් මේ දක්වා නඩු විභාගයට අවශ්‍ය අධිචෝදනා පත්‍ර වින්දිතයින්ට ලබාදීම්, වින්දිතයන්ට අධිචෝදනා කියවාදීම් වැනි මූලික කටයුතු සිදුකෙරුණු අතර අද නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 345ක දැවැන්ත ඉලක්කය හඹාගිය පාකිස්තානය වෙනුවෙන් Abdullah Shafique පන්දු 103කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමග ලකුණු 113ක් රැස්කරගත්තේය. පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය Mohammad Rizwan පන්දු 121කදී නොදැවී ලකුණු 131ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් Dilshan Madushanka කඩුලු 2ක් දවාගත්තේය. පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 345ක් රැස්කරගනිමින් ජය හිමිකරගත්තේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිරපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කුසල් මෙන්ඩිස් එක්දින පිටියේ සිය තුන්වන ශතයකය රැස්කිරීමට සමත්විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දැක්වීය. පන්දු 65කදී ගොඩනැගූ කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගයදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. පෙත්සම් අද (10) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමට අදාළ ප්‍රති විරෝධතා ගොනුකිරීම සඳහා කල්ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම් ගොනුකළ දින සිට මාස දෙකක් තුළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බව…
ගංවතුර සම්බන්ධයෙන් නිකුත්කර තිබූ අනතුරු ඇඟවීම් දෙකක් ඉවත්කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා සහ අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත්කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත්කර ඇති බවයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන් 1,800කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බව සඳහන්ය. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්වල නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකු වෙත මෙම උසස්වීම් ලබා දී තිබේ. එහිදි බ්‍රිගේඩියර්වරු 7 දෙනෙකු මේජර් ජනරාල් නිලයටත්, කර්නල්වරු 12 දෙනෙකු බිග්‍රේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරු 37 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ 41 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබේ. වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 වැනිදා ශ්‍රී ලංකා…
චීනයේ “Shi Yan 6” නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මාසය තුළ අදාළ නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බවය. ටීවි දෙරණ ඔස්සේ ඊයේ (09) රාත්‍රියේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රශ්නය – “Shi Yan 6” නෞකාවට ලංකාවට එන්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල අවසරය මේ වෙනකොට ලැබිලා ද තියෙන්නේ ? “ඔවුන් අපෙන් අවසරය ඉල්ලුවා ඔක්තෝබර් මාසයේ දී එන්න. අපි කියලා තියෙන්නේ ඔවුන්ට නොවැම්බර් මාසයේ එන්න කියලා. ඊට පස්සේ ඔවුන් නැවත ඉල්ලලා තියෙනවා ඔක්තෝබර් අවසානයේ…
වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. ඊයේ (09) රාත්‍රි 9.30ට පමණ එම අනතුර සිදුව ඇත. පොලීසිය පැවසූවේ වර්ෂාව පැවති අවස්ථාවේ, පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවය. අනතුරින් වව්නියාව, මඩුකන්ද පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් කුරුණෑගල සම මැදවච්චිය…