Author: LFN
දෙල්තොට ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමුවී තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ දෙල්තොට ලිට්ල් වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි. එම සිසුවා ඊයේ පස්වරුවේ ශිෂ්‍යත්ව විභාගයේ අතිරේක පන්තියකට සහභාගීවීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග දරුවාගේ නිවසට යන මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා තිබූ අනාරක්ෂිත පාලමකින් එගොඩ වීමට යාමේදී සිසුව සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ. ඊයේ රාත්‍රිය දක්වා ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පාසල් සිසුවා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි. කෙසේ වෙතත් පාසල් දරුවාගේ සිරුර සැඩ පහරට හසුව ගසාගෙන ගිය…
කරන්දෙණිය හමුදා කඳවුරේ තිබී අස්ථානගත වූ ටී-56 වර්ගයේ ගිනිඅවිය බටපොල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගිනිඅවිය සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවය. එම සැකකරු කරන්දෙණිය යුද හමුදා කඳවුරට අනියුක්ත යුද හමුදා සෙබළෙක් බව ද පොලීසිය පවසයි. කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් ටී – 56 ගිනිඅවියක් සහ මැගසින් කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එමෙන්ම යුද හමුදා පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වුණි. කරන්දෙණිය හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් අතුරුදන් වූ ගිනිඅවිය භාවිත කරමින් දකුණු පළාතේ සිදුවූ ඇතැම් මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබුණි.
අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා මෙලෙස තෝරා පත්කරගෙන ඇත.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (11) සඳහන් කළේය. මේ අතර, දින 05ක් තිස්සේ පැවති ගාසා තීරයේ ගැටුම්වලින් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ස්වාධීන වාර්තා අනාවරණ කරන්නේ, ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝනය කරමින් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි. මේ අතර, ගාසා සීමාව ආසන්නයේ පිහිටි, පසුගියදා සෙනසුරාදා හමාස් ප්‍රහාරවලින් වැඩි හානියකට ලක්වූ අෂ්කලෝන් නගරයට නැවතත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. ඒ, මිනිත්තු 90ක් තුළ…
ව්‍යාජ ලේඛන සකස්කොට ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ ලේඛන ලෙස හුවා දක්වමින් මෙරටට ඖෂධ ගෙන්වූ සමාගමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි එම අධිකාරිය පවසයි. එහි නිලධාරීන් ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, බාල ඖෂධ රටට ගෙන්වන බවට දිගින් දිගටම සිය අධිකාරියට චෝදනා එල්ල වුවත් ඖෂධ මිලදී ගැනීමට අදාළව කිසිදු බලයක් තමන්ට නොමැති බවය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ මහතා, “හැම ප්‍රශ්නෙකටම මුල ඖෂධ නියාමන අධිකාරිය කියනවා. මේක වැරදි තත්ත්වයක්. ඖෂධ මිලදී ගැනීමට අදාළව කිසිදු බලයක් අධිකාරියට නැහැ. ඇතැම් ඖෂධ නිසා රෝගීන් කිහිපදෙනෙක් මියගියා. අපි ඒ ගැන කනගාටු වෙනවා. ඖෂධ ගෙනාවේ නැත්නම් බොහෝ…
මව්බිම ජනතා පක්ෂයේ නව මූලස්ථානය විවෘත කිරීම ඊයේ (11) සිදු කෙරිණි. ඒ කොළඹ 08, උද්‍යාන මාවතේ අංක 11 දරන ස්ථානයේදීය. පක්ෂ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහ විධායක කමිටු සාමාජිකයන් ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානය විවෘත කිරීම සිදු විය. එම අවස්ථාවට එක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, තම පක්ෂය ශ්‍රී ලාංකේය දේශපාලනයේ රික්තකය පිරවීමේ දේශපාලන ව්‍යාපාරයක් මිස ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් කෙටිකාලීන ව්‍යාපෘතියක් නොවන බවයි.
ගලහ දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසු ව අතුරුදන් ව තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි දෙල්තොට ලිට්වැලි නිවාසවල පදිංචිව සිටි පාසල් සිසුවෙකි. එම සිසුවා අද පාසල නිමවී සිය නිවස වෙත එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇත. එළඹෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සිය පාසලේ පැවති අමතර පන්තියකට සහභාගී වීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී ඇළ මාර්ගයකින් එතෙරවීමට සකස් කර තිබූ කුඩා පාලමක් මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ. ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග ඒ මොහොතේ සැඩ පහර වැඩිවී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට…
ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 8කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා පන්දු 84කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 16ක් සමග ලකුණු 131ක් රැස්කරගත්තේය. විරාත් කෝලි නොදැවී ලකුණු 55ක් රැස්කරගනිමින් ඉන්දියාව ජයග්‍රහණය වෙත ගෙනගියේය. පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් කඩුලු 2ක් දවාගත්තේය. ඒ අනුව පන්දුවාර 35ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 273ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 272ක් රැස්කළේය.
ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දීය සමාගමක් පවසයි. ඉන්දියාවේ ONGC Videsh සමාගමේ ප්‍රධානියෙක් ඒ බව පැවසීය. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ශී ගුප්තා පවසන්නේ, ශ්‍රී ලංකාව බොර තෙල් සහ ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් මාර්ග සිතියම එළිදක්වන තුරු ඔවුන් බලා සිටින බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පින්නදූව සහ ඉමදූව අතර 102වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ගය දෙපසම කඳු මෙලෙස නායගොස් ඇති බවය. එසේම එම කඳු ප්‍රදේශවල ඉහළ සිටින පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථානය කරා යොමුවන ලෙසත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.