Author: LFN

උතුරු ගාසා තීරයෙන් පිට ව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබේ. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ රථ පෙළකට මෙම පහර දීම සිදු කර ඇත. එම දර්ශන ද BBC විසින් උඩුගත කර තිබේ. ප්‍රහාරයෙන් කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගිය බව වාර්තා වේ. ප්‍රහාරයෙන් හානි වූ සහ ගිනිගත් වාහන කිහිපයක් ඒ ආසන්නයේ දක්නට ලැබෙන බව ද සඳහන්ය. ගාසා නගරයේ තදාසන්න ප්‍රදේශයේ සිට කිලෝමීටර් කිහිපයක් දකුණින් මෙම ප්‍රහාරය සිදු ව ඇති බව වාර්තා වේ.

Read More

තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ට සති තුනක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ බොහෝ තරග අහිමිවෙයි. එසේම වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටද එළඹෙන ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමිවෙන බව වාර්තා විය. ඒ ඔහුද තුවාල ලබා තිබීම හේතුවෙනි.

Read More

‍ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සදහා පනවා තිබු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවස‍යි. ගත වූ පැය 24 තුළ ගිංගඟ ද්‍රෝණියට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති නොවීම හේතුවෙන් හා තවලම සහ බද්දේගම ජල මිනුම් ස්ථානවලින් වාර්තා වූ ඉහළ ජල මට්ටම පහළ යමින් පැවතීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 28 වැනි දින සිට ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය මෙලෙස ඉවත් කර තිබේ. කෙසේ වෙතත් නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ…

Read More

අන්තර්ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු විසින් රුපියල් අනූ හතර ලක්ෂ නව දහසක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත. පොලීසිය පැවසුවේ, සැකකරු ගේ බැංකු ගිණුම් 03ක තිබී රුපියල් ලක්ෂ 72ක මුදලක් සොයාගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි කරන්දෙණිය දෙනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ

Read More

හෙට (15) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, අපදා තත්ත්වයන් ඇති වන ඕනෑම ස්ථානයක සිටින සියලුම අපේක්ෂකයන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගය ලීවීම සඳහා පහසුකම් සපයා ඇති බවයි.

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වේ. එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙන බව සඳහන්ය. නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව අද පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි. ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙම මඟී යාත්‍රා සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර, ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබේ.…

Read More

අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ. යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අක්ෂි රෝගය වැළඳීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. එම පන්ති කාමරයේ සිසුන් 13 දෙනෙකුට අක්ෂි රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති අතර රෝග ව්‍යාප්තිය පාලනය කිරීම හා සෙසු ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම පන්ති කාමරයේ සියලු සිසුන්ට නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත. දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත…

Read More

මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම නියෝග නිකුත් කර ඇත. එසේම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අවසන් කරන තෙක් මෙම සමාගම වෙත ගෙවීමට ඇති සියලු ගෙවීම් වහා ක්‍රියාත්මක වනපරිදි නතර කරන ලෙස ද අමත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මේ අතර හෘද රෝගීන්ගේ හෘදයේ ක්‍රියාකාරීත්වය මැන බලන ECG පරීක්ෂණ මාවනැල්ල රෝහලේදී නුපුහුණු කණිෂ්ඨ කාර්යමණ්ඩලය මගින් සිදුකරන බවට ශ්‍රී ලංකා ජන සුව සෞඛ්‍ය සේවක මණ්ඩලය චෝදනා කරයි.

Read More