Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඇෆ්ගනිස්තානය ට ඉතිහාසගත ජයක්
    Sport

    ඇෆ්ගනිස්තානය ට ඉතිහාසගත ජයක්

    By LFNOctober 24, 2023No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

    මෙය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තානය පරදවා ඇෆ්ගනිස්තානය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වෙයි.

    පන්දුවාර 49ක් අවසානයේ ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

    ලකුණු 283ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වන Rahmanullah Gurbaz සහ Ibrahim Zadran සමත්විය.

    එහිදී Ibrahim Zadran පන්දු 113කදී හතරේ පහර 10ක් සමග ලකුණු 87ක් රැස්කරගත්තේය.

    අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ Rahmanullah Gurbaz පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග වේගවත් ලකුණු 65ක් රැස්කරගත්තේය.

    අනතුරුව පිටියට පිවිසි Rahmat Shah සහ නායක Hashmatullah Shahidi සාර්ථකව ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග පන්දු 84කදී ලකුණු 77ක් රැස්කරගත්තේය.

    නායක Hashmatullah Shahidi පන්දු 45කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කරගත්තේය.

    මෙම සුපිරි ජයත් සමග ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.