Author: LFN

අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් නුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.

Read More

කළුතර මහා පල්ලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. ඒ පිළිබඳව පොලීසියට ලද පණිවුඩයක් මත මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. එම මළ සිරුර උස අඩි 05යි අඟල් 06ක් පමණ වන සිහින් සිරුරකින් යුතු පිරිමි පුද්ගලයෙකුගේ බව පොලීසිය පවසයි. ඔහු උඩුකයට අත්දිග කමිසයක් සහ යටට අළු පාට කොටු සහිත සරමක් හැඳ සිටි බවද පොලීසිය සඳහන් කරයි.

Read More

හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය. ‘සුදුසු වාතාවරණයක්’ උදා වුණු සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදා හැරීමට පියවර ගන්නා බව ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත. පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් තුර්කි රජය ‘ක්වසාම්’ බලඇණිය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ. එම පිරිස අතරේ විදේශිකයන් බොහෝ දෙනකු ද සිටින බව ‘ක්වසාම්’ බලඇණිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයාය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.

Read More

විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බවය. තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ

Read More

දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව වාර්තා වෙ ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය. විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බවය.

Read More

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔහු පසුගිය දින කිහිපය තුළ කටාර්, ජෝර්දානය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රාජ්‍යන්වල සංචාරය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. ගොඩබිමින් සහ ගුවනින් ගාසා තීරයේ දැඩි ප්‍රහාරයක් සිදුකිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති පසුබිමක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එරටට පැමිණීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read More

පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි. එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 17 දෙනෙකු පලස්තීනය තුළ රැඳි සිටින බවය.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයට අනුව මෙම පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උස්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සක්‍රීය වී ඇති නායයෑමේ අවදානම මත කොස්ලන්ද මීරියබැද්ද පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 84ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණි. ඔවුන් එලෙස පිටත් කර…

Read More

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබේ. ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබුණි. මීට පෙර ඇති වූ භූකම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන් ය.

Read More