Author: LFN
කුමන අභියෝග පැමිණිය ද සිය භූමියෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි. ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඊජීප්තුවේ කයිරෝ හිදී පැවැත්වෙන සමුළුවට සහභාගී වෙමින් පලස්තීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නැවත පදිංචි කිරීම් සිදුකරන බව පවසමින් එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීම කිසිවිටෙකත් පිළිනොගන්නා බවය. සාම සමුළුවක් ලෙස හඳුන්වමින් පැවැත්වෙන එම සමුළුව සඳහා ජෝර්දාන, කටාර්, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ රටවල නියෝජිතයින් සහභාගී වී සිටින අතර ඊශ්‍රායලය, අමෙරිකාව සහ ඉරානය ඊට සහභාගී නොවන ප්‍රධාන රටවල් අතරට ඇතුළත්ය. එම සමුළුවේ දී අදහස් දක්වමින් ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ගෝලීය නිශ්ශබ්දතාව හෙළාදකින බවය.…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය ඊයේ (21) පැවැත්වුණි. එම තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 263කි. ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් රැසක් කළේය. පැතුම් නිස්සංක ලකුණු 54ක් රැස්…
අහුංගල්ල ඌරගහ මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එකම පවුලේ මව, පියා සහ මාස 4ක් වයසැති දරුවෙකු මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් යතුරුපැදියකින් යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව වාර්තාවේ. ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.
බීමත්ව යතුරුපැදියක් ධාවනය කිරීම හේතුවෙන් පසුගියදා අම්බලන්ගොඩ පොලීසිය විසින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ඊට විරෝධය පළ කරමින් කාන්තාවක් පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් වාර්තා විය. පසුව එම කාන්තාව සහ අදාළ තරුණයින් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා, “අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් 19 වනදා මධ්‍යම රාත්‍රියේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඔවුන් බීමත්ව සිටියා.බීමත් රියදුරන් ලෙස තමයි ඔවුන්ව පොලිස් ස්ථානයට ඉදිරිපත්…
ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී ඊයේ (21) අලුයම සොයා ගැනුණි. ඒ, ඔහු නවාතැන් ගෙන සිටි නිවස තුළදීය. ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ අලුයම 1.00 ට පමණ මෙය සිදුවී ඇති බවද වාර්තා වෙයි. වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ප්‍රියංකර ද සිල්වා මහතා 42 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු මින් පෙර බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙනුත්, කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙනුත් කටයුතු කර තිබේ. 2021 වසරේ නොවැම්බර් 21 වනදා ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයට එක්වූ ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විශාල සේවයක් ඉටුකළ නිලධාරියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය…
ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “ජුලි 09 මොකක්ද වුණේ. මේ රටේ බලය මාරු වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව. එක කණ්ඩායමක් නැගලා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් වන ශක්ති ලක්රුවන් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පසුගියදා අත්අඩංගුවට පත්වුණි. එසේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි හි සිටින ශක්ති ලක්රුවන් අදාළ පොලිස් නිලධාරින්ට ඊයේ දුරකතන ඇමතුමක් දී තර්ජනය කර තිබුණි. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කඩවත, රාගම පාර මංසන්ධිය අසල පසුගියදා ක්ෂණික මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකළ අතර එහිදී යතුරුපැදියක් නවත්වා පරීක්ෂා කිරීමේදී පසුපැදිකරු සතුව තිබී, විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, රිවෝල්වරයක් හා ජීව පතොරම් 4ක් සොයාගැනුණි. වයස අවුරදු 29 හා 24 යන වයස්වල පසුවන එම සැකකරුවන් මීගහවත්ත හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා…
හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර යුද තත්ත්වය ට දින 15ක් වෙයි. නොකඩවා එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ සිරවී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂීය අධාර රැගත් රථ සඳහා ගාසා තීරයට ඇතුළු වීමට රෆා පිවිසුම මේ වනවිට විවෘත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. රථ 20ක් සඳහා ගාසා තීරයට ඇතුළු වීමට ඒ අනුව ඊශ්‍රායලය අවසර ලබාදී තිබේ. ප්‍රධාන වශයෙන් එසේ යවා ඇත්තේ ඖෂධ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ යොදා උල්පත හංදිය ප්‍රදේශයේදී ලංගම බසයක් අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරළී අද (20) දහවල් සිදු වූ අනතුරකින් වයෝවෘද්ද කතක් මියගොස් තවත් 42 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මෙසේ අනතුරට පත්ව තිබේ. මේ වන තුවාල ලැබුවෝ මීගහකිවුල රෝහල වෙත රැගෙන එමින් පවතින අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන 20 දෙනකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයිද පොලීසිය කියයි. මීගහකිවුල ප්‍රදේශයේ සති පොලද පවතින්නේ අද බැවින් විශාල පිරිසක් බස් රථයේ ගමන් කර තිබේ.