Author: LFN
හින්දු කෝවිල් 21ක් බිඳ මුදල් හා දේවාභරණ මංකොල්ල කෑ අයෙක් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණට ඉදරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එම සැකකරු විසින් සිදුකරන ලද සොරකම් CCTV කැමරාවල ද සටහන්ව තිබුණි. සැකකරු පොලීසියට දන්වා ඇත්තේ තමා මත්පැන් පානය කළ පසු කෝවිල් බිඳිමට සිතිවිලි පහළ වන බවය.
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ. පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබුණි. වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රදේශීය කාර්යාලවල ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ බවට ඔවුන් විසින් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා 05ක මිල දී ගත් වී තොග අතුරුදන් වී තිබු අතර එම තොගවල වටිනාකම රුපියල් කෝටි…
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද (24) පස්වරු 01න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සම ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවතාකිල තද සුළංවලින් හා සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වාරියපොළ, වල්පොළ ප්‍රදේශයේ මවක් සහ ඇයගේ පුංචි පුතු ළිඳට වැටී මියගොස් ඇතැයි වාර්තාවේ. ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් සොයාබැලීමේ දී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබුණි. පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේ මෘත ශරීර සොයාගෙන ගොඩට ගෙන ඇත. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි ලක්මාලි වීරසිංහ සහ කෝවිද සාරමිත් නැමති පුංචි පුතුය. මියගිය පුංචි පුතුගේ හත් වන උපන්දිනය හෙට (24) දිනට යෙදී ඇතැයි ද සඳහන් වේ. මියගිය කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන අයෙකි.
අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ. මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.
දින දෙකක් තුළ පමණක් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. මහජනතාවගෙන් ලද පැමිණිලි මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රජයේ ඉහළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්ය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් නිලධාරීන් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇත. විශේෂයෙන් ගැටලු සාකච්ඡා කිරීමට කාලවේලාව ප්‍රමාණවත් නොවීම මත නොයෙකුත් දුෂ්කරතාවන්ට තමන් මුහුණදෙන බවද මහජනතාව විසින් පැමිණිලි කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලබන රැස්වීම් සතියේ අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ කටුනායක ගුවන්තොටුපොළ – මිනුවන්ගොඩ මාර්ගයේ ආඬිඅම්බලම මධ්‍යම බෙහෙත් ශාලාව අසලදී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. මිනුවන්ගොඩ දෙස සිට ගුවන්තොටුපොළ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ පසුපස අසුනේ ගමන් කළ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 19ක් සහ 25ක් වූ බෙම්මුල්ල සහ මාකේවිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර…
ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ 2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙනි. එහි දී අධිකරණය නියමකර ඇත්තේ, අගතියට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසටය. කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා අත්තේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි. මේ වන විට 70 වැනි වියේ පසු වන දලිප් තහිල්, ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.
වන සතුන් ගෙන් වගාවලට සිදු වන හානි ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රිළවා, මොනරා සහ දඬුලේනා යන සතුන් ගෙන් සිදු වන හානි ඉහළ ගොස් ඇති බවයි. වන සතුන් ගෙන් සිදු වන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවිජනතාව වෙත වායු රයිෆල් බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. අඟුණුකොළපැලැස්සේ පැවැති මෙම වැඩසටහනේ දී ගොවි ජනතාව වෙනුවෙන් වායු රයිෆල් 268ක් ලබා දී තිබිණි.
කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගයේ විදුලි කණුවලට භූගතව යොදා තිබු තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටි පුද්ගලයෙකු එලෙස කපන ලද කම්බි කිලෝ ග්‍රෑම් 60ක් සමග අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය මඟින් සිය භාරයට ගෙන තිබේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම සොරකම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ ඇති බවය. දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටින 29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩවත පොලීසිය වෙත භාරදීමට නියමිත අතර දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිස් කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වත්වයි.