Author: LFN

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකිය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇතැයි වාර්තාවේ.

Read More

නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඒ අනුව අද (24) අලුයම සිට හෙට (25) අලුයම් කාලය දක්වා වූ පැය 24 තුළ ගංවතුර තත්ත්වය ගැන දැඩි අවදානයක් යොමු කරන ජනතාවට දැනුම් දී ඇත. විශේෂයෙන් එම ප්‍රදේශවල අතුරු මාර්ග භාවිත කරන පුද්ගලයින්ට ගංවතුර තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

Read More

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය. ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 165ක මූල්‍ය සහාය සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය විසින් “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එසේම බැංකු විසින් මුදල් ප්‍රවාහය මත පදනම් වූ ණය ලබාදීම්වලට වඩා ඇපකර මත පදනම් වූ ණය ලබාදීමට ප්‍රමුඛතාව දැක්වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර…

Read More

සංචාරක කලාපවලට සහ පිටස්තර ප්‍රදේශවලට නිකුත් කර තිබෙන මෘදු මත්පැන් බලපත්‍ර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව අද (24) දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (23) පාර්ශවකරුවන්ට දැනුම් දුනි. ශ්‍රී ලංකා රට බීම හල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් ගොනුකළ රිට් පෙත්සම් ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් යෝජිත බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුකූලව ශ්‍රී ලංකා සංචාරක…

Read More

ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සමත් විය. යතුරුපැදි දෙකකින් සහ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ඔවුන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 2ක් සහ තියුණු ආයුද 2ක් ද සොයා ගැණුනි. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ “හීනටියන මහේෂ්ගේ” උපදෙස් අනුව තුෂාර නැමති මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි බවය. “හීනටියන මහේෂ්” නමැත්තා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගැනීමෙහි නිරතව ඇති අතර, “මිනුවන්ගොඩ තුෂාර” නමැති ව්‍යාපාරිකයාගෙන්ද අවස්ථා කිහිපයකදී එලෙස කප්පම් ඉල්ලූ බවද වාර්තා වෙයි. තමන් විසින් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළ…

Read More

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවාව මගින් ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත. නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බවය.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. මෙය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තානය පරදවා ඇෆ්ගනිස්තානය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වෙයි. පන්දුවාර 49ක් අවසානයේ ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය. ලකුණු 283ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වන Rahmanullah Gurbaz සහ Ibrahim Zadran සමත්විය. එහිදී Ibrahim Zadran පන්දු 113කදී හතරේ පහර 10ක් සමග ලකුණු 87ක් රැස්කරගත්තේය. අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ Rahmanullah Gurbaz පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග වේගවත් ලකුණු 65ක් රැස්කරගත්තේය. අනතුරුව පිටියට පිවිසි Rahmat…

Read More

කල්පිටිය, පල්ලියවාසතුරෙයි ප්‍රදේශයේදී මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු පැහැරගත් කණ්ඩායමක සාමාජිකයකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනෙක් එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නවතා විමර්ශන කටයුතු සඳහා කොළඹ රැගෙන යන බව පවසමින් ඔහුව වෙනත් මෝටර් රථයකට නංවාගෙන තිබුණි. කෙසේ වෙතත් අතරමගදී මෝටර් රථය නවත්වන්නැයි පොලිසිය අණ කර තිබුණත් එය නොනැවැත්වීම සම්බන්ධයෙන් සැක සිතූ ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් පැන වෙනත් වාහනයකින් ආණමඩුවට පැමිණ ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More