Author: LFN
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා සඳහන් කළේ වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට දිනය තුළ අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
විදෙස්ගත ව සිට අවිස්සාවේල්ල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්”, අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාට මරණ තර්ජන සිදුකර තිබේ. ඒ පසුගියදා අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී මන්නා රමේෂ්ගේ සමීපතමයෙකු වූ මහේෂ් ධනංජය නැමැත්තා මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි. එහිදී මන්නා රමේෂ් නැමැත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකතනයෙන් අමතා තර්ජනය කර ඇත්තේ ” උඹ දැනගනින් උඹලා ඔය මැරුවේ මගේ ළමයා වගේ එකාව. උඹයි, උඹේ ළමයයි මේකට වන්දි ගෙවන්න ලෑස්තිවෙලා ඉඳපං. උඹලා දෙන්නාවම වෙඩි තියලා මරනවා ” යනුවෙනි. මන්නා රමේෂ්ගේ පතාල ක්‍රියාකාරකම්වල නිරත 30කට වැඩි සංඛ්‍යාවක් ප්‍රධාන…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියයේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ (22) පැවති තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ පන්දුවාර 48ක දී කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගනිමිනි. එහිදී විරාට් කොලි ලකුණු 95ක් සහ රෝහිත් ෂර්මා ලකුණු 46ක් ලබා ගත්තේය. ධර්ම්සාලාහි ආරම්භ වු තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවේ නවසීලන්ත කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 273ක් ලබා ගැනීමට සමත් විය. එම ඉනිම වෙනුවෙන් ඩරිල් මිචෙල් ලකුණු 130ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 75ක් ලබාගත්තේය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත…
ඊශ්‍රායල හමාස් යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට දින 16 ක් ගතව ඇත. ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුව ඇති මරණ ගණන 5,600කට අධිකයි. ඊශ්‍රායලය පලස්තීන වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර තවත් තීව්‍ර කරමින්, ගාසා තීරයට අමතරව බටහිර ඉවුර වෙතත් ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබේ. අඩ මසක කාලයක් තිස්සේ ජලය, ආහාර, විදුලිය සහ ඉන්ධන නොමැතිව හුදකලාව තිබූ ගාසා තීරය වෙත පළමු මානුෂීය ආධාර තොගය පසුගිය (21) යොමු කෙරුණි. ඒ ඊජිප්තුවේ රෆා දේශසීමා පිවිසුම විවෘත කිරීමෙන් අනතුරුවය. හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය, ගාසා තීරය වෙත විදුලි සැපයුම විසන්ධි කළේ මීට දෙසතියකට පමණ පෙරය. ඉන් අනතුරුව එහි රෝහල් හි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන ගියේ ගබඩා කරගත් ඉන්ධන…
ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (22) මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබාදෙන බවය. මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති මිලාදුන් නබි උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විය. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි. මන්නාරම දිස්ත්‍රික්කය තුළ විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති…
අහුංගල්ල පොලිස් වසමේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අහුංගල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. අහුංගල්ල පොලිස් වසමේ ඊයේ (22) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ සිව්මස් හැවිරිදි දරුවෙකු තුවාල ලැබීය. අහුංගල්ල පොලිස් වසමේ ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර පාසල අසල දී එම වෙඩි තැබීම සිදු ව තිබුණේ, ඊයේ රාත්‍රී 07.30ට පමණය. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙකු ඉලක්ක කර ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදු කර තිබේ. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ කුරුඳු වත්තක සැඟ ව සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට…
ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබේ. ඊයේ (21) මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය. මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවකි.
රජය බදු අයකළ යුතු පුද්ගලයින්ගෙන් නිසිපරිදි බදු අය නොකර විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඇතැම් රාජ්‍ය නිලධාරීන් මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා එම සමාගම්වලින් බදු අය නොකර රජයේ මැතිඇමතිවරුන් හරහා නව මත්පැන් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කර ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවති 111වෙනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කළේය.
ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි. එහි සභාපති ජගත් ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ දිනවල විදේශීය සමාගමක් විසින් ටෙලිකොම් ආයතනයේ වත්කම් සම්බන්ධයෙන් නිර්ණය කිරීම් සිදුකරන බවය. “ටෙලිකොම් ආයතනයේ වටිනාකම නීර්ණය කිරීම සඳහා එවලා තියෙන්නේ international finance corporation කියන ආයතනය. මොකක්ද මේ ආයතනය. ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක්. මේ ආයතනයේ මොනවද වගකීම්. මේ ආයතනයේ වගකීම් තමයි පුද්ගලික අංශයට ණයදීම. එතකොට පුද්ගලික ආයෝජනවලට ණය දෙන ආයතනයක් ගෙනල්ලා ටෙලිකොම් ආයතනයේ වත්කම් ගණනය කිරීමක් කරනවා. අපිට ඉතා පැහැදිලිව පේනවා මේ කරන්න යන්නේ අතිවිශාල වංචාවක්.”
දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය. එම ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල ගණන් දෛනිකව වෙනස්වීමට නියමිතය.