Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හරක් කටා පැහැර ගැනීමේ සැලසුමේ තවත් තොරතුරු එළියට
    Featured

    හරක් කටා පැහැර ගැනීමේ සැලසුමේ තවත් තොරතුරු එළියට

    By LFNOctober 27, 2023No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ මුදාගැනීමට සිදුකළ සැලසුම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ.

    ඒ, සඳහා සූදානමින් සිටි කමාන්ඩෝ භටයන් හට අදහාගත නොහැකි මුදලක් ලබාදීම සඳහා ‘මිදිගම චූටි’ නමැති සංවිධානාත්මක අපරාධකරු සූදානමින් සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

    එම මෙහෙයුම මරාගෙන මැරෙන පන්නයේ මෙහෙයුමක් වීම හේතුවෙන් එහිදී යම් අයෙකු මියගිය හොත් ඔවුන්ගේ පවුලේ ඥාතීන් රැකබලාගැනීම සඳහා ද කටයුතු සූදානම් කර තිබූ බව වාර්තා වෙයි.

    අදාළ පළායෑම සඳහා පිඹුරුපත් සකසමින් සිටි හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස වැදගත් කරුණු රැසක් හෙළිවී තිබේ.

    ඒ අනුව ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ, හරක් කටා හා කුඩු සළිඳු මුදාගැනීම සඳහා 6 දෙනෙකුගෙන් සමන්විත කමන්ඩෝ කණ්ඩායමක් සූදානම් කිරීමට කටයුතු කරමින් සිටි බවය.

    මෙම මෙහෙයුම සඳහා පිඹුරුපත් සැකසූ හරක් කටාගේ සමීපතමයෙකු වන මිදිගම චූටි නමැති සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයා තම කණ්ඩායම සඳහා අදහාගත නොහැකි මුදලක් ලබාදෙන බව පැවසූ බවත් සැකකරුවන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

    එමෙන්ම එය මරාගෙන මැරෙන පන්නයේ ප්‍රහාරයක් හෙවත් DO OR DIE පන්නයේ ප්‍රහාරයක් වීම හේතුවෙන් අදාළ ක්‍රියාදාමය අතරතුරදී යම් අයෙක් මියගියහොත් ඔවුන්ගේ පවුලේ ඥාතීන් රැක බලාගැනීමට ද කටයුතු සූදානම් කර තිබූ බව අත්අඩංගුවට පත් හිටපු කමාන්ඩෝ බටයන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

    ඒ අනුව තමන් මිදිගම චූටිගෙන් අදාළ ක්‍රියාදාමය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා අවි ආයුධ ඉල්ලූ අතර, ඒවා විදෙස් රටකින් මෙරටට ආනයනය කිරීම සඳහා සියලු කටයුතු සූදානමින් තිබූ බවද සැකකරුවන් අනාවරණය කර තිබේ.

    අවි ආයුධ ලැබීමෙන් පසු හරක් කටා හා කුඩු සළිඳු මුදාගැනීමේ ක්‍රියාදාමයට එක්වන සෙසු කමාන්ඩෝ භටයින් සිව්දෙනා හඳුන්වාදෙන බව මිදිගම චූටි පැවසූවේයැයිද සැකකරුවන් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.