Author: LFN

ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද නාය යාමක් සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පසුගිය දිනවලඇද හැළුණ ධාරාණිපාත වරෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇත. කන්දේ කොටසක් පාරට කඩා වැටි ඇති අතර එයින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.ගාල්ල බද්දේගම ,මාපලගම,කරාපිටිය ඇතුලු මාරග රැසක බස් ධාවනවය වන්නේ මෙම මාරගයේ වන අතර දිවාකල විශාල ජනතාවක් ගැවසෙන ප්‍රදේශයකි. නාය යාමට ලක්ව ඇති කන්ද මුදුනේ දකුණු පළාත් ආණ්ඩුකාර කාරයාලය,සංචාරක හෝටල් සහ නිවාස රැසක් පිහිටා ඇත.

Read More

අද (20) දින ආරම්භකර ඇති උතුරු නැගෙනහිර හර්තාලයට උතුරේ වැසියන්ගෙන් හර්තාල් කරුවන්ට දැඩි විරෝධතාවයක් එල්ලවී ඇති බවට වාර්තාවේ. මේ හර්තාලය සම්බන්ධයෙන් ඔවුන් මෙවැනි අදහස් පලකර ති‌බේ. “අද දින සිදුකරන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධව අපි මේ කතා කරන්නේ. මෙම හර්තාල් ව්‍යාපාරය 7, 8 දෙනෙකුගෙන් සමන්විත දමිළ ජාතික සන්ධානය විසින් සංවිධානය කර ඇත. මෙම හර්තාලය සංවිධානය කල අයවළුන්ගෙන් මම අහන්නට කැමතියි පවතින වාතාවරණයට අනුව සහ අපේ ළමුන්ගේ විභාග පවතින කාලසීමාවේ, අපේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවන ආකාරයට මෙම හර්තාලය සිදු කිරීම සුදුසු ද යන්න ඔවුන් හර්තාල් කරුවන්ගේන ප්‍රෂ්ණ කරයි. මෙම හර්තාලය සිදුකරන්නේ විනිසුරුවරයා හා කුරුඳුමලෙයි සිද්ධීන් සම්බන්ධ කරගෙනයි. නමුත් කුරුඳුමලෙයි හා විනිසුරුවරයා හට…

Read More

ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහායදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින් පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනපතිවරයා පෙන්වාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර අද බීජිං නුවරදී පැවැති රැස්වීමේදී චීන ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැති එම හමුවේදී කලාපීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද එකඟවී ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (19) පෙරවරුවේ බීජිං නුවරදී සිදුවූ අතර එහිදී චීන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහල යනුවෙන් නම් කර ඇති මෙම රෝහල තුර්කියේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද්දකි. ගාසා තීරයේ පිළිකා රෝගීන් 9,000 කට ප්‍රතිකාර ලබා දෙන එකම රෝහල මෙය යැයි අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ. මේ අතර, ගාසා තීරයේ රෆා නගරේය පලස්තීන වැසියන් පිරිසකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 30 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලැබූ බවය.

Read More

ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (17) රාත්‍රි 8.45ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ කන්තලේ 96 ගල්මැටියාව ප්‍රදේශයේය. පසුව එම දුම්රියෙන්ම මෘත දේහය කන්තලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් කන්තලේ මූලික රෝහල වෙත භාරදී ඇත. රෝහල් නිලධාරීන් පවසන්නේ, මියගිය පුද්ගලයා සමග තවත් කිහිදෙනෙකු සමග කුඹුරු වැඩ කර ඇති අතර, පසුව වැඩ නිමවී රේල්පාර මත වාඩි වී මැත්පැන් පානය කර ඇති බවත්ය. පසුව සෙසු පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයාට එම ස්ථානයේ නින්ද ගොස් ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියෙකි. කන්තලේ පොලීසිය…

Read More

නවසීලන්තයේ සහ පිලිපීනයේ නව ග්‍රාහකයින්ගෙන් වසරකට ඩොලරයක් අය කිරීමට “X” සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇති බව වාර්තා වෙයි. එය නව අත්හදාබැලීමක් බවත් එමගින් එම ජාලය හඳුන්වාදී ඇති ප්‍රධාන අංග වෙත පිවිසීමට හැකියාව ලැබෙතැයි ඊලොන් මස්ක් හිමිකාරීත්වය දරන X සමාගම පවසයි. ඉන් ට්වීට් කිරීමේ හැකියාව, නැවත ට්වීට් කිරීමේ හැකියාව, ලයික් ලබාදීම සහ ට්වීටර් පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබෙයි. ගෙවීමක් නොකරන ග්‍රාහකයින් ට හැකියාව ලැබෙන්නේ පණිවුඩ කියවීම, වීඩියෝ නැරඹීම සහ වෙනත් ගිණුම් ෆලෝ කිරීම පමණි. එමගින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ස්පෑම් සහ බොට් ක්‍රියාකාරකම් අඩුකිරීම ට බලාපොරොත්තු වන බව X සමාගම පැවසීය. මස්ක් ඩොලර් බිලියන 44කට පසුගිය වසරේදී ට්විටර් සමාජ…

Read More

වැලිකන්ද, කුඩාපොකුණ රක්ෂිතය තුළ තිබී දිරාගිය අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් කොටස් කිහිපයක් හමුවී තිබේ. ඊයේ (17) වැලිකන්ද පොලීසියට ලද තොරතුරකට අනුම එම අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් සොයාගෙන ඇත. මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයේ හමුවූ කාන්තා ඇඳුම් කොටස් හිස් වැසුම හා කෑම පෙට්ටිය 2019.11.14 වන දින සිහංපුර වැලිකන්ද ප්‍රදේශයේ අතුරුදන් වූ කාන්තාවකගේ බවට පොලීසිය සැක පළකරයි. අස්ථි කොටස් හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය පවසයි.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී

Read More

අතුරුදන්ව සිටි අනුලා ජයතිලක මහත්මිය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. දේහය හඳුනා ගැනීමෙන් පසුව දින දෙකක් ඇතුලත ඊශ්‍රායල පොලිසිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය තානාපති කාර්යාලයට බාර දෙනු ඇති බවත් අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම පිළිබඳව තොරතුරු ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවත් බණ්ඩාර මහතා පැවසුවේය.

Read More