Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවට නොසැලකූ බවට එල්ලවූ චෝදනාවට සිත්තැවුලෙන් සිටි පුතා සියදිවි නසාගනී
    Featured

    මවට නොසැලකූ බවට එල්ලවූ චෝදනාවට සිත්තැවුලෙන් සිටි පුතා සියදිවි නසාගනී

    By LFNOctober 26, 2023No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මවට නොසැලකූ බවට එල්ලවූ චෝදනාවලට සංවේදී වූ පුතෙකු සියදිවි නසාගැනීමේ පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා විය.

    ඥාතීන් පවසන්නේ, සිද්ධිය දැනගත් පසු මව ද පසුදින මියගිය බවය.

    59 හැවිරිදි වියේ පසුවූ උවරගල ජාතුන්ගේ බන්ධුසේන එක්දරු පියෙකි.

    ඔහු පදිංචිව සිටියේ මාතර පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්මිල්ගොඩ 262 D ග්‍රාමසේවක වසමේය.

    ඔහු පසුගිය සඳුදා සියදිවි හානිකරගෙන තිබුණි.

    මියගිය පුද්ගලයාගේ බිරිඳ,

    “ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන්වලා මිනිස්සු ඉස්සරහා මහත්තයාට බැනලා තිබුණා. එයා ගෙදර ඇවිත් කිව්වා බැන්නා කියලා. හිතේ අමාරුවෙන් හිටියේ.”

    මියගිය බන්ධුසේනගේ මව 90 වැනි වියේ පසුවූ කාන්තාවකි.

    ඇය ජීවත්ව තිබුණේ ඇගේ මහගෙදර සිය දියණිය සමගිනි.

    නමුත්, දියණියගේ එනම් බන්ධුසේනගේ සහෝදරියගේ වධ හිංසා දරාගත නොහැකිවීම නිසා ඔහු මව තමාගේ නිවසට රැගෙනවිත් රැකබලාගෙන තිබුණි.

    “අපි ඇස් දෙකෙන්ම දැක්කා.. පුතා හොඳට අම්මට සැලකුවා” යනුවෙන් ගම්වාසීන් ද පැවසීය.

    කෙසේවෙතත් සහෝදරයා වන බන්දුසේන මවට නොසලකන බවට ඔහුගේ සහෝදරිය ග්‍රාම නිලධාරීවරයාට පැමිණිල්ලක් කර තිබුණි.

    මෙම සිද්ධියෙන් පසු දුකට පත්වී සිටි බන්දුසේන ඒ බව සිය බිරිඳට පවසා තිබුණි.

    සිදුවීම සිදුවූ දින පස්වරුවේ සිට බන්දුසේන නිවසේ නොමැති නිසා ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඔහුගේ බෑනා ඒ පිළිබඳව ෆේස්බුක් සටහනක්ද තබා තිබුණි.

    නමුත්, පසුදා උදෑසන ඔහුගේ සිරුර සොයාගැණුනේ නිවස ආසන්නයේ තිබූ කැළෑ ප්‍රදේශයෙනි.

    සිය පුතණුවන්ගේ අභාවය දැනගත් මවද පසුගිය අඟහරුවාදා මොරවක දිස්ත්‍රික් රෝහලේදී අවසන් ගමන් ගියාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.