Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දූෂණයකට ලක්වූ බව කියූ කාන්තාව ගැන අනාවරණයක්
    Featured

    දූෂණයකට ලක්වූ බව කියූ කාන්තාව ගැන අනාවරණයක්

    By LFNOctober 27, 2023No Comments2 Mins Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තරුණයන් තිදෙනෙකු විසින් තම මාස 16ක දරුවා ප්‍රාණඇපයට ගෙන තමාව දූෂණය කළ බවට 23 හැවිරිදි එක්දරු මවක් පොලීසියට පැමිණිලි කර තිබේ.

    පූගොඩ පැපිලියවල අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එක්දරු මවක් පූගොඩ පොලිස් ස්ථානයට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි

    තම සැමියා රැකියාවට ගිය අවස්ථාවේදී නිවසට ඇතුලු වූ ඔවුන් මව්කිරි බොමින් ඇකයේ සිටි තම බිළිඳා පැහැරගෙන පොළවේ ගසා මරාදමන බවට තර්ජනය කළ බවත්, පසුව තිදෙනා විසින්ම අවස්ථා කිහිපයකදී තමාව දූෂණය කළ බවත් ඇය පොලීසියට පවසා තිබේ.

    ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධියට අදාළව 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවත් 25 හැවිරිදි තරුණයෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුවන් ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, පොලීසිය පවසන්නේ එම සැකකරුවන් කාන්තාවක් දූෂණයට ලක් කළ බවට ශරීර ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තාවෙහි දැක්වෙන බවය.

    කෙසේවෙතත් දූෂණයට ලක්වූ බව කියන කාන්තාව මේ වනවිට ගම්පහ මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන අතර ඇය දූෂණයට ලක්වී ඇද්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා මේ දක්වා ලැබී නොමැත.

    අදාළ පැමිණිල්ල සිදුකළ කාන්තාව මාස කිහිපයකට පෙර මානසික ආබාධ තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවද කාන්තාවගේ සැමියා පොලීසියට පවසා තිබේ.

    මේ අතර දැරියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට උත්සාහ කළ බව කියන බණ්ඩාරවෙල ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු මව්පියන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී තිබේ.

    තවද, අවුරුදු 02ත් 07ත් අතර වයස්වල පසුවන දරුවන්ගේ නිරුවත් ඡායාරූප සහ යම් යම් ලිංගික දර්ශන පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භකර තිබේ.

    ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කරන මෙම ජාවාරම හරහා වීඩියෝවක් රුපියල් 1,000 සිට විවිධ මිල ගණන්වලට අලෙවි කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇත.

    ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම අයුරින් මේවා සිදු කරන බැවින් දරුවන් උපයෝගී කරගන්නා ආකාරය සහ යොදාගන්නා ස්ථාන පිළිබඳ නිශ්චිතව තොරතුරු අනාවරණය කිරීමට හැකියාවක් නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.