Author: LFN

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ග්ලේන් මැක්ස්වෙල් සමත්විය. ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 40කදීය. ඒ අනුව ඔහු හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 106ක් රැස් කළේය.

Read More

හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (25) සවස පැවති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී පළාගිය පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළු කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. තමන්ගේ නිවසේ තිබූ පවුම් පහකට ආසන්න රත්‍රං භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැක බවට අදාල කාන්තාව විසින් පාදුක්ක පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුවන නඩු විභාගයකට පෙනී සිටීම සදහා මෙම කාන්තාව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ යළි නිවසට යාම සදහා අධිකරණය ඉදිරිපිට නවත්වා තිබූ තම යතුරුපැදියට…

Read More

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් ඉන්දියාවේ බැංගලොර් හිදි අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් ඉම්රාන් ඛාන් නමැති මෙම සැකකරු ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමිල්නාඩු රාමනාදන්පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර 2021 වසරේ සිට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශන සිදුකර තිබුණි. කැනඩාවේ රැකියා සඳහා යොමුකරන බවට අසත්‍ය ප්‍රකාශ සිදුකර මුදල් ලබාගනිමින් මෙම ජාවාරම්කරු ශ්‍රි ලාංකිකයින් තමිල්නාඩුව හා බැංගලෝරය හරහා නීතිවිරෝධි ලෙස ඉන්දියාවට රැගෙන ඒම සිදුකර ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. මෙම…

Read More

මවට නොසැලකූ බවට එල්ලවූ චෝදනාවලට සංවේදී වූ පුතෙකු සියදිවි නසාගැනීමේ පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා විය. ඥාතීන් පවසන්නේ, සිද්ධිය දැනගත් පසු මව ද පසුදින මියගිය බවය. 59 හැවිරිදි වියේ පසුවූ උවරගල ජාතුන්ගේ බන්ධුසේන එක්දරු පියෙකි. ඔහු පදිංචිව සිටියේ මාතර පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්මිල්ගොඩ 262 D ග්‍රාමසේවක වසමේය. ඔහු පසුගිය සඳුදා සියදිවි හානිකරගෙන තිබුණි. මියගිය පුද්ගලයාගේ බිරිඳ, “ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන්වලා මිනිස්සු ඉස්සරහා මහත්තයාට බැනලා තිබුණා. එයා ගෙදර ඇවිත් කිව්වා බැන්නා කියලා. හිතේ අමාරුවෙන් හිටියේ.” මියගිය බන්ධුසේනගේ මව 90 වැනි වියේ පසුවූ කාන්තාවකි. ඇය ජීවත්ව තිබුණේ ඇගේ මහගෙදර සිය දියණිය සමගිනි. නමුත්, දියණියගේ එනම් බන්ධුසේනගේ සහෝදරියගේ වධ හිංසා දරාගත…

Read More

ප්‍රශ්නයක් මතුපිටින් බලා තීන්දු තීරණ ගැනීමෙන් සිදුවන්නේ තවත් කෙනෙකු ගැටලු සහගත තත්ත්වයකට පත්කිරීමය. එමෙන්ම සිත් රිදීමකදී, මානසික පීඩාවකදී සියදිවි නසාගැනීම ගැටලුවට විසඳුමක් නොවෙයි. රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කළේ, “ජීවිතයට හානි කරගැනීමේ අදහසක් ආවොත් අපිට කරන්න ලේසිම දේ තමයි වෛද්‍යවරයෙකුට කතා කරන එක. එහෙම නැතිනම් කිසිම මුදලක් වැය කරන්නේ නැතුව 1926 දුරකථන අංකයට ඇමතුමක් දෙන්න.” මවට නොසැලකූ බවට එල්ලවූ චෝදනාවලට සංවේදී වූ පුතෙකු සියදිවි නසාගැනීමේ පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා මේ බව පැවසීය.

Read More

මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. මෙහිදී සභාපතිවරයාව පිටතට ගනු ලැබුවේ පොලීසියේ මැදිහත්වීමෙනි.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු දූෂණයට ලක්කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඉන් දැරියන් 22ක් ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, “2023.09.01 සිට 2023.09.30 දක්වා මාසයක් ඇතුළත වයස අවුරුදු 16ට අඩු දරුවන් 168 දෙනෙක්ව දූෂණයට ලක්වෙලා තිබෙනවා.” “ඒ අය අතරින් මේ වනවිටත් දරුවන් 22ක් ගර්භණී බවට පත්වෙලා. අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ.”

Read More

සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් ‘යෝජනා කැඳවීමට’ පියවර ගෙන තිබේ. සමනලවැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබුණි. ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ගෙන් ‘යෝජනා කැඳවීමට’ මෙලෙස පියවර ගෙන තිබේ.

Read More

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැරුණු පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසත් එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය. සැකකාර හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් විමර්ශන ප්‍රගතිය ගැන දැනුම්දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා…

Read More