Author: LFN
පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇත. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.
ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය. ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. මේ අතර රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද (27) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වනදා යළි ආරම්භ වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව ඔක්තෝබර්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව පොලීසිය පැවසයි. සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර තිබේ. මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකු බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිය වෘත්තියට ඇතිවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අවසර ලබාදී තිබේ. ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අවසර ලබාදී තිබුණි. අදාළ නෞකාව තුළින් පාරිසරික හා සියලු වෘත්තිය ක්ෂේත්‍රයන්ට ඇතිවූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 6.7 ක් වශයෙන් තක්සේරු කර තිබෙන බව සඳහන් වන බැවින් සිය වෘත්තියට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙස ඉල්ලමින් ධීවර ප්‍රජාව විසින් මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ඊයේ (26) පැවැත්වුණි. එම තරගය කඩුලු 8කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය. ඒ අනුව පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී එංගලන්තය රැස් කළේ ලකුණු 156කි. තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157කි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී පන්දු 83කදී ලකුණු 77ක් රැස් කළ අතර සදීර සමරවික්‍රම නොදැවී…
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2024 වාර්ෂික සමුළුව සහ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය අහිමිවීමේ අවදානමක් මතුවී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලිපියක් යොමු කරමින් මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩයිස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සමුළුව සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවය. 2024 වසරේ වයස අවුරුදු 19න් පහළ පිරිමි…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ මුදාගැනීමට සිදුකළ සැලසුම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ. ඒ, සඳහා සූදානමින් සිටි කමාන්ඩෝ භටයන් හට අදහාගත නොහැකි මුදලක් ලබාදීම සඳහා ‘මිදිගම චූටි’ නමැති සංවිධානාත්මක අපරාධකරු සූදානමින් සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ. එම මෙහෙයුම මරාගෙන මැරෙන පන්නයේ මෙහෙයුමක් වීම හේතුවෙන් එහිදී යම් අයෙකු මියගිය හොත් ඔවුන්ගේ පවුලේ ඥාතීන් රැකබලාගැනීම සඳහා ද කටයුතු සූදානම් කර තිබූ බව වාර්තා වෙයි. අදාළ පළායෑම සඳහා පිඹුරුපත් සකසමින් සිටි හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස වැදගත් කරුණු රැසක් හෙළිවී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ,…
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමග යළි ඇරඹීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. “සුළු හා…
තරුණයන් තිදෙනෙකු විසින් තම මාස 16ක දරුවා ප්‍රාණඇපයට ගෙන තමාව දූෂණය කළ බවට 23 හැවිරිදි එක්දරු මවක් පොලීසියට පැමිණිලි කර තිබේ. පූගොඩ පැපිලියවල අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එක්දරු මවක් පූගොඩ පොලිස් ස්ථානයට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි තම සැමියා රැකියාවට ගිය අවස්ථාවේදී නිවසට ඇතුලු වූ ඔවුන් මව්කිරි බොමින් ඇකයේ සිටි තම බිළිඳා පැහැරගෙන පොළවේ ගසා මරාදමන බවට තර්ජනය කළ බවත්, පසුව තිදෙනා විසින්ම අවස්ථා කිහිපයකදී තමාව දූෂණය කළ බවත් ඇය පොලීසියට පවසා තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධියට අදාළව 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවත් 25 හැවිරිදි තරුණයෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස්…