Author: LFN

නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, රටට නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව මතුවී ඇති බවය. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, “දේශපාලනය ගැන කලකිරීමක් නැහැ. ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණානේ. ඉතින් ඒක නිසා භාවනා කරා ගියා. භාවනා කරන්න කියලා පොඩි ඉල්ලීමකුත් තිබුණා.” “මේ දේශපාලනයත් එක්ක තවදුරටත් ගමන් කරන්න බැහැ කියලා මම හිතන්නේ.” සටන අතහැරලා නැහැ. මම තාමත් ශ්‍රී ලංකා නිදහස් පන්ෂයේ. හැම පක්ෂයක්ම කථා කළා.. අපිත් එක්ක එකතුවෙමු කියලා කිව්වා.…

Read More

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයේ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට පුද්ගලයෙකු වෙඩිතබා තිබේ. තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේදී කිසියම් පුද්ගලයෙකු විසින් හස්තියාට වෙඩි තබා ඇත. පශු වෛද්‍යවරුන් සඳහන් කළේ, හස්තියාගේ තත්ත්වය බරපතළ බවය.

Read More

මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේදී ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැටුම් ආරම්භවීමෙන් පසු ගාසා තීරයට එල්ලවූ දරුණුම ප්‍රහාරය මෙය බවය. මේ අතර, ක්ෂණික මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන් හමුවේ ඉදිරිපත්වූ යෝජනාව සම්මතවූ අතර ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. දින 22ක් පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊයේ රාත්‍රීයේ දී ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණි. ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඔවුන් ගොඩබිම් මෙහෙයුම් ද තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවය. ඔක්තෝබර් 07වනදා ප්‍රහාරයේ මෙහෙයුම්…

Read More

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ (28) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය. කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අනුලා රත්නායක මහත්මිය සාත්තු සේවිකාවක ලෙස ඊශ්‍රායලය බලා යන්නේ 2013 වසරේදීය. ඇය මෙම සිද්ධියට මුහුණදෙන විට සේවය කරමින් තිබුණේ, ගාසා සහ ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ගම්මානයකය. පසුගිය 07වනදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් කෘෂිකාර්මික ගම්මානයක් වූ මෙම ප්‍රදේශවලට ප්‍රහාර එල්ලකරනු ලැබීය. එම ප්‍රහාරයෙන් අනතුරුව අනුලා රත්නායක මහත්මිය අතුරුදන් බව වාර්තා වුණි. ඇය මියගිය බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය තහවුරු කළේ ඉන් දින කිහිපයකට පසුව ය. මිය යන විට 49 වැනි වියේ පසුවූ අනුලා රත්නායක මහත්මිය දෙදරු මවකි. ඊශ්‍රායල අධිකරණ වෛද්‍යවරුන් ඇයගේ…

Read More

අලියෙකු සහ ඇතෙකු අතර සිදුවෙන ගැටුමක් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි. ඊයේ (28) උදෑසන ඇහැටුවැව ප්‍රදේශයේ වෙල්යායකදී එම ගැටුම ඇතිවී තිබේ. අදාළ ඇතා ගල්ගමුවේ චණ්ඩි නොහොත් ඒකදන්ත බව වාර්තා වෙයි.

Read More

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වී තිබේ. එම තරගය අද (29) අලුයම ප්‍රංශයේ පැවැත්වුණි. එහිදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ලබාගැනීමට සමත් විය.

Read More

අද (29) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

ඊශ්‍රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබේ. අද (28) උදෑසන දේහය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ළඟා වු බව වාර්තාවේ. මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටි බව සඳහන් වේ. ඊශ්‍රායල ජාතික කාන්තාවක් රැකබලාගනිමින් සිටි අනුලා රත්නායක මහත්මිය පසුගිය 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ සිදුකළ ප්‍රහාරය අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබුණි. හමාස් ප්‍රහාරය අතරතුර ඇය අදාළ ඊශ්‍රායල ජාතික කාන්තාවගේ දිවිබේරා ගැනීමට කටයුතු කර තිබු බව වාර්තා වේ.

Read More

පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ සහ මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරතව සිටින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ සහ දරුවා මරා දමන බවට ඩුබායි රටට පැන් පළා ගොස් සිටින දාගොන්නේ කිරියා යන අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු විසින්එම කොස්තාපල් වරයාට මරණීය තර්ජනය කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. මෙම පොලිස් කොස්තාපල්වරයා මේ බව මීගමුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත. ඔහුට මරණීය තර්ජනය කළ දුරකථනයෙ අංකය ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි. මෙම පොලිස් කොස්තාපල්වරයා මේ දිනවල කුරුණෑගල වැහැර සේවස්ථ පුහුණු ඒකකයේ පාඨමාලාවක් හදාරමින් සිටින අතර එම පාඨමාලාව හදාරමින් සිටියදී මෙම පාතාල නායකයා මෙවැනි තර්ජනයක් සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග…

Read More

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපන් රටේ රැකියා ලබාදෙන පවසා රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් එම පුද්ගලයින් දෙදෙනා විසින් වංචාකර ඇති බවටපැමිණිලි 7ක් ලැබී තිබු බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 35 හැවිරිදි සහ 57 හැවිරිදි වියේ පසුවන ඉඹුල්ගොඩ හා හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More