Author: LFN

ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ (29) කොළඹ පැවති උත්සවයක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, බන්ධනාගාරගත රැඳවියෙක් දැනුම් දී ඇති පරිදි යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි විමර්ශන මඟින් මේ වන විටත් අනාවරණ වී ඇති බවය. “පසුගිය දවසක අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය…

Read More

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමයේ සඳහන් කළේය. මේ අතර, දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වීමට තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ, මෙවර ‍අයවැයෙන් වැටුප් වැඩි වීමක් ඉල්ලා බලකරමිනි. මේ අතර, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, පවතින ආර්ථික තත්ත්වය රාජ්‍ය සේවකයන්ට දරාගත නොහැකි බැවින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා තමන් ද උද්ඝෝෂණවලට සහාය පළ කරන බවයි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය…

Read More

මරණ තර්ජන එල්ල කර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතා ගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසිය පැවසුවේ, ඩුබායිහි සැඟ ව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමින් පෙනී සිටිමින් මෙම කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි. මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතාට පසුගිය මස 16 වැනිදා පෙරවරු 07.10ත් 09ත් අතර කාලයේ දී පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දී තිබිණි. දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා තමා ව හඳුන්වා දී තිබුණේ, ඩුබායිහි සැඟ ව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ලෙසටයි. ජනක රත්නායක මහතා ව ඝාතනය කිරීම සඳහා…

Read More

නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔහු පැවසුවේ, නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදක්වන බවය. මැදපෙරදිග ගැටුම්වලට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

ඉන්දියාවේ කේරළ ප්‍රන්තයේ කෝචි නගරයේ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක බෝම්බ පිපිරීමක් සිදු ව තිබේ. ඊයේ (29) උදෑසන සිදු වූ එම පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි. එරට ආරක්ෂක අංශ පවසා ඇත්තේ, එම ස්ථානයේ පිපිරීම් 03ක් පමණ සිදු ව ඇති බවයි. පිපිරීම් සිදු වන විට දේවස්ථානයේ බැතිමතුන් 2,000ක පමණ පිරිසක් යාඥා කරමින් සිටි බව සඳහන් වේ. මෙම ස්ථානයට බෝම්බ රැගෙනවිත් ඇත්තේ, කෑම පෙට්ටියක සඟවාගෙන බවත් එය සැලසුම් සහගත ව සිදු කර ඇති ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඉන්දීය මාධ්‍යය වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මේ වනවිට එරට ආරක්ෂක අංශ…

Read More

පුත්තලම නගරයේ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට සහභාගී වී සිටි තරුණියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, තරුණිය පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව‍යි. මෙසේ මියගොස් ඇත්තේ, ආණමඩුව නගරයේ පදිංචි සිටි 20 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියකි. මෙම තරුණියට මංගල සාදයේ දී ආහාර සඳහා තිබූ මස් වර්ගයක් ආහාරයට ගත් පසු ආසාත්මිකතාවක් ඇති ව තිබේ. තරුණිය ගේ පශ්චාත් මරණ පරික්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තින්දුවක් ලබා දුන් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී කුලෙන්ද්‍ර ප්‍රේමදාස මහතා, මරණය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් රජයෙ රස පරික්ෂක වෙත යොමු කිරීමටත් කටයුතු කර ඇති බව…

Read More

බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ. ඊයේ (28) පස්වරුවේ පැරණි බූස්ස බන්ධනාගාරයේ ‘ඒ’ හා ‘ඩී’ වාට්ටු තුළ එම සෝදිසි කිරීම සිදු කර ඇති බව වාර්තා වේ. එහි දී ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබු ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පත් දෙකක්, පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාර්ජර් 02ක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් සොයාගෙන ඇත. එම දුරකථන සහ උපාංග ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරීවරයා ගේ කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්ය.

Read More

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි තරුණියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාමනාදපුරම් මායානූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදපුරම් පොලීසිය සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පසුගිය 25 වනදා එම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් 16 හැවිරිදි සහ 17 හැවිරිදි වියේ පසුවන අතර සැකකාරිය 18 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් මායානූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය. අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලීක විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read More

සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවය. නඩු තීන්දුවෙන් අනතුරුව සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වනු ඇති බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ. එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ හෙට (30) දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවය. සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බව චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන සතිය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන්…

Read More