Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සුපිරි ත්‍යාගය
    Political

    ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සුපිරි ත්‍යාගය

    By LFNNovember 3, 2023No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය නිවාස වැඩසටහනේ පළමු අදියර යටතේ යටතේ කොටගල, දිඹුල ප්‍රදේශයේ නිවාස 10,000ක් සඳහා ඩිජිටල් ක්‍රමය හරහා මුල්ගල් තැබීම න්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණි.

    වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (02) කොළඹ පැවති උත්සවයකදී මෙම මුල්ගල් තැබීම සිදුකළේය.

    ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී විය.

    කඳුකර වතු ජනතාව සඳහා පර්චස් 10 බැගින් ඉඩම් ඔප්පු ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

    එහිදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්,

    “ඉන්දියාව ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් අසාමාන්‍ය අන්දමේ ඩොලර් බිලියන 04 ඉක්මවූ මූල්‍යාධාර ලබාදුන්නා. ශ්‍රී ලංකාව සඳහාවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත කිරීම සඳහා ඉන්දියාව තමයි මුලින්ම මූල්‍ය සහතිකයක් ලබාදුන්නේ. අනෙක් රටවලුත් ඒ මඟ යමින් ශ්‍රී ලංකාවට සහාය ලබාදුන්නා. සැබෑ මිතුරෙකු ලෙස මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලදී සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කරනවා. දෙරටේ තිරසර සංවර්ධනය සහ සශ්‍රීකත්වය උදෙසා නිශ්චිත ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සම්බන්ධයෙන් පොදු දැක්මක් අපේ නායකයන් මේ වසරේ ජුලී මාසයේදී ප්‍රකාශයට පත් කළා. අපේ නායකත්වය ලබාදුන් ඒ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා ශිෂ්ටාචාරයක් පැවතුණු අපේ මිතුරුදම් යොවුන් පෙළට අවධානය යොමුවන ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පැවසීමට මම මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. එවැනි සම්බන්ධතා ව්‍යාපෘති දැනටමත් ආරම්භ වී තිබෙනවා. මෑතකදී ආරම්භවූ ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා සහ ළඟදීම ආරම්භ කෙරෙන ඩිජිටල් මුදල් හුවමාරු සේවාව එහිදී විශේෂයෙන් සඳහන් කළ හැකියි. හඳුනාගත් අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබඳවත් අප ලක් රජය සමඟ සමීපව කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.