Author: LFN

අද (28) උදෑසන 7.30ට පමණ පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර, ගින්නෙන් වෙළෙඳ සැලෙහි වූ ක්‍රීඩා භාණ්ඩ රැසක් විනාශ වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ මේ වනවිට ගින්න පාලනය කර තිබේ. ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවු පාඩුව ද ගණනය කර නොමැති බව වාර්තා වේ. පානදුර දකුණ පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශ මේ බව පවසයි. එම දුරකථන අංක පහතින්. 0094711 757 536 0094711 466 585 මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට කාර්යාල වේලාවන් හිදී ඇමතුම් ලබාගැනීමට හැකි බවද විදෙස් අමාත්‍යාංශය පවසයි. එසේම මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කටයුතු අංශයට repatriation.consular@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහාද තොරතුරු ලබාදිය හැකිය. මේ අතර අදාළ නිවේදනය මගින් විදේශ අමාත්‍යාංශය මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අවදානම් ප්‍රදේශවල සංචාරයේ නිරත නොවන ලෙසටය. එසේම…

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්ති නාමයට මුවා වී තවදුරටත් අක්‍රමිකතාවල නිරත වන බවට අමාත්‍යවරයා චෝදනා කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදාගැනීම සහ නීත්‍යානුකූල නොවන ගනුදෙනු ආදිය පිලිබඳ විගණකාධිපති වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එහි පිටපතක් ද ජාත්‍යන්තර ක්‍රිකට්…

Read More

හරක් කටා හා කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමේ මෙහෙයුම සැලසුම් කළ මිදිගම චූටි නැමැත්තා, ඒ සඳහා සූදානම් කර සිටි කමාන්ඩෝ භටයන් දෙදෙනා කලක පටන් දැන සිටි බව විමර්ශනයේ දී හෙළි වී තිබේ. එම ක්‍රියාන්විතය පිළිබඳ කුඩු සළිඳු දැන සිට නොමැති බව පොලිසිය සැකකරයි. හරක් කටාට ද ක්‍රියාන්විතය පිළිබඳ දැනුම් දී ඇත්තේ, ඔහු ගේ සුවදුක් විමසීමට පැමිණෙන ඥාතීන් හරහා බවටත් පොලිසිය සැක පළ කර‍යි මේ අතර, හරක් කටා අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් අයදුම්පතේ දිවුරුම් ප්‍රකාශයට ඔහු ගේ අත්සන ලබා ගැනීමට අදම අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. හරක් කටා වෙනුවෙන් පෙනී…

Read More

අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මෙලෙස කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක ඊයේ (27) පෙරවරු 09.30ට පමණ ගින්නක් හටගෙන තිබිණි. රෙදිපිළි අලෙවිසලක් මෙලෙස ගිනිගැනීමට ලක් ව තිබූ අතර, වෙළෙඳසල විවෘත කර මඳ වේලාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. පසු ව කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න පාලනය සඳහා පියවර ගෙන තිබිණි. ඒ, ගිනි නිවීමේ රථ 11ක් සහ නිලධාරීන් 45 දෙනෙකුගේ සහාය ඇතිවයි. ගින්න ඇති වීමත් සමඟ ගොඩනැගිල්ල තුළ සිර වූ සේවකයන් ඇතුළු පිරිස් මුදාගැනීමට ද පියවර ගෙන තිබිණි. පිළිස්සුම් තුවාල සහ ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයන් 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ. පැය දෙකකට ආසන්න කාලයක්…

Read More

නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වතුයායේ පදිංචි ව සිටි පාසල් සිසුන් තිදෙනෙක් පසුගිය (26) සිට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වේ. වතුයායේ පිහිටි දමිළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මිතුරන් තිදෙනා ඊයේ පෙරවරුවේ පාසල් යන බව පවසා නිවසින් පිට ව ඇති අතර, ඔවුන් පාසලට නොගොස් නල්ලතන්නිය නගරයට පැමිණ ආපණ ශාලාවකින් ආහාර ගෙන පිට ව ගොස් තිබේ. ජල නලයක් කඩා දැමීම සම්බන්ධයෙන් මව්පියන් බැන වැදීමක් සිදු කර ඇති අතර, ඒ හේතුවෙන් මෙම සිසුන් තිදෙනා නිවෙස්වලින් පැනගොස් සැඟ ව සිටින බවට නල්ලතන්නිය පොලීසිය සැක පළ කරයි. සිසුන් සොයා නල්ලතන්නිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබේ. මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කොළඹ ග්‍රීන් පාත් පෙදෙස නෙළුම් පොකුණ මංසන්ධියෙන් සහ මහජන පුස්තකාලය අසළින් වසා දමා ඇති බවටය.

Read More

සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය 2023 ඔක්තෝම්බර් 28 වැනි පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස් වනු ඇති බව සඳහන්ය. අර්ධ චන්ද්‍රග්‍රහණයනයක දී පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන නමුත් ඒවා සරල රේඛාවක් සාදන්නේ නැත. මෙය සිදු වූ විට, චන්ද්‍රයා ගේ පෘෂ්ටයෙන් කුඩා කොටසක් මතට පෘථිවියේ සෙවනැල්ලේ අඳුරුතම…

Read More