Author: LFN
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (27) පස්වරු 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇති වෙයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වේ. තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වන බදාදා ආරම්භ කිරීමට නියමිතය.
මේ වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. අද (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේය. රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා, “2017 සිට 2023 දක්වා බිලියන 742ක් අපි එකතු කරලා තිබෙනවා. ආදායම් රැස්කිරීමේ ප්‍රතිශතය අනුව බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසය වනවිට රුපියල් බිලියන 925ක ආදායමක් එකතු කරගන්න.” “අපිට ලැබුණු ඉලක්කය සහ අපි ලබාගත් ආදායම අතර තිබෙන වෙනස නිසා බොහෝ විවේචන අපිට එල්ල වුණා.” “IMF ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් නිර්දේශ 05ක් ඉදිරිපත් කරලා…
ගුරු – විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විරෝධතාවය අතර තුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ගුරු – විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. පසුගිය 24 වන දා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පැවති ගුරු – විදුහල්පති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කළ…
ගලේවල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෙලිගමුව වත්ත, ප්‍රදේශයේ ගොවිපොළක රාත්‍රී කිරි අලෙවි සැලකට හොරු කණ්ඩායමක් ඇතුළු වී ඇති අතර එහි සිට මුරකරුගේ අතපය සහ කට ගැට ගසා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. එම සොරු කණ්ඩායම විසින් ඊයේ (25) රාත්‍රියේ අලෙවි සැලට ඇතුළු වී එහි තිබූ භාණ්ඩ කිහිපයක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කේ. ස්වාමිනාදන් නැමති අවුරුදු 52ක තිදරු පියෙක් බවට අනාවරණය වී තිබේ. අද (26) උදෑසන මුරකරුට ආහාර රැගෙන විත් ඇති කාන්තාවක් විසින් මෙම ඝාතනය දැක ඇති අතර, පසුව පොලීසියට දන්වා ඇත. අදාළ ප්‍රදේශයේ වතු කම්කරුවන් 80ක් පමණ සේවය කරන අතර, මෙම සිදුවීම…
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය. ඊට අමතරව ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කිරීමට නියමිතය. මීට අමතරව ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව…
අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම් මාලාවෙන් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් තිබේ. අවන්හලක සහ ක්‍රීඩා මංතීරුවක් ඇතුළු ස්ථාන කිහිපක ඊයේ (25) රාත්‍රී කාලයේ වෙඩිතැබීම් සිදුව තිබුණි. එහිදි මියගිය පුද්ගලයින්ට අමතරව තවත් පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අතර එරට මාධ්‍ය පවසන්නේ, එම වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාව මේ වනවිට හඳුනාගෙන ඇති බවය. ඔහු රොබට් කාඩ් නම් පුද්ගලයෙකි. පොලීසිය පැවසුවේ, ඔහු ගිනිඅවි උපදේශකයෙකු ලෙස හමුදාව මඟින් පුහුණු කළ අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවය. එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවද ලුවිස්ටන් පොලීසිය සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ලබාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් සුබ පැතූ බව අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පැවසුවාය. එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගත හැකියාව ලැබෙතැයි ඇය කීවාය. ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන විට සියලුම ණයහිමි පාර්ශ්වයන්ට එකසේ සැලකීම වැදගත් බවයි. එසේම ඊට සම්බන්ධ වන සියලුම පාර්ශ්වයන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බව ඇය පෙන්වාදෙයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. එම විස්තර පහතින්,
ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දින පැවැති මධ්‍යම කාරක සභාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ, රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බලකරමින් සිදුකිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි. අදාළ තීන්දු යටතේ, ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් ඉදිරි නොවැම්බර් 01 දින සිට නැවත දැනුම්දෙන තුරු ඉවත් වීම. ඊට අදාළ අනෙක් කාරණා පහතින් දැක්වෙයි,