Author: LFN
“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පහසුකම් ලබාගැනීම සඳහා නෞකාව කොළඹ වරායට පැමිණෙන බව අමාත්‍යාංශය පැවසුවේය. චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර තිබු අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. කෙසේවෙතත් නෞකාවේ පැමිණීම නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ද පසුගිය දා අවසර ලබාදෙනු ලැබීය. “Shi Yan 6” නෞකාව භූ භෞතික ගවේෂණය සඳහා භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව සහිත නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවකි. එම නෞකාව නාරා ආයතනය සමඟ එක්ව පර්යේෂණයක් සිදුකිරීමට ද නියමිතය. ඒ අනුව “Shi…
හලාවත නගරයේ සුපිරි වෙළෙඳ සැළක් තුළදී හිමිනමකට පහරදුන් සැකකරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හලාවත, වුඩ්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 21 වනදා හලාවත නගරයේ පිහිටි සුපිරි වෙළෙඳ සැළකට පැමිණ සිටි හිමිනමක් එහි තිබූ භාණඩ මිලදී ගන්නා අවස්ථාවේ දී මෙම පුද්ගලයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් එම අවස්ථාවේ දර්ශන පටිගත කිරීමට උත්සාහ ගනී. එයට හිමිනම විරෝධය පළ කිරීමත් සමග අදාළ පුද්ගලයා උන්වහන්සේට පහරදී හිමිනමගේ අතෙහි වූ බෑගයේ යුරෝ 12,000ක් ඇතුළු ලක්ෂ 48ක මුදලක් කොල්ල කා එම ස්ථානයෙන් පළා යන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි. පසුව අදාළ සිදුවීමට මුහුණදුන් හිමිනම විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර සලිඳුගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය. සැකකරු සතුව තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 40ක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි පානදුර දික්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන පානදුර සලිඳු නැමැත්තාගේ ප්‍රධාන සමීපතමයෙකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන නිලංග නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී තිබේ.…
බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක් සිදුකර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මේ බව දැනුම්දුන් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු…
මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික යුවළක් මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරු ලෙස මැලේසියාවේ රැකියාවේ නිරත වූ යුවළකි. මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි සිය නිවස ආසන්නයේදී ඔවුන් පැදවූ මෝටර් රථයේ වෙනත් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තාවෙයි. අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ කුඩා දියණියද රථයේ සිට ඇති අතර ඇයට හානියක් සිදුව නොමැත. මියගොස් ඇති කාන්තාව 33 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ සැමියා 35 හැවිරිදි වියේ පසුවිය. ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වීමට නියමිතව ඇත.
මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ පහකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ආධාර අනුබල දුන් එහි සේවකයන් දෙදෙනෙකු හා ඒවා මෙරටට ගෙන් වූ ප්‍රධාන ජාවාරම්කරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ දහවල් අත්අඩංගුවට ගත්තේය. එහිදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට පොලීසියට සිදුවුණි. මධ්‍යම තැපැල් හුවමාරුවට පසුගිය 21 වනදා විදෙස් රටකින් පැමිණි සැක කටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව අදාළ පාර්සලය සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටි විමර්ශන නිලධාරීන්ට අද තොරතුරක් ලැබී තිබුණේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් දෙදෙනෙකු විසින් එම පාර්සලය පිටතට රැගෙන යාමට සූදානමින් සිටින බවටය. ඒ අනුව BMW වර්ගයේ මෝටර් රථයකින් පළායමින් සිටි…
ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසයි. එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී ශ්‍රි පාදස්ථානාධිපති හිමි මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමි පැවසුවේ එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවය.
චීනය සිය ආරක්ෂක අමාත්‍යවරයා ව එම ධුරයෙන් නෙරපීමට ඊයේ (24) කටයුතු කළේය. ඒ අනුව මාස තුනක් තුළ තනතුරකින් ඉවත්කළ දෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා ජෙනරාල් ලී ෂන්ෆූ වෙයි. එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහුව ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන්ද ඉවත් කළ බවය. ඔහු මාස දෙකක් පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නොසිටි බව සඳහන්ය. මීට පෙර පසුගිය ජූලි මාසයේදී චීන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චින් ගැන් ද එම තනතුරෙන් ඉවත්කළේය.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ (24) පැවැත්වුණි. එම තරගය ලකුණු 149කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස්කළේය. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 140කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 15ක් සමග ලකුණු 174ක් රැස්කරගත්තේය. Heinrich Klaasen අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 90ක් රැස්කළේය. මැද පෙළට සවියක් වූ නායක Aiden Markram පන්දු 69කදී ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 7ක්…
මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදානමක් ඇතැයි ඊයේ (24) අනාවරණය විය. එවැනි සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.