Author: LFN
කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබේ. මෙලෙස ගස කඩා වැටී ඇත්තේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් මතටය. පොලීසිය පවසන්නේ අනතුරින් මගීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමිකරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කදී හතරේ පහර 7ක් සමග ලකුණු 62ක් රැස්කරගත්තේය. නායක Hashmatullah Shahidi ආරක්ෂාකාරී පිතිහරඹයක නියැලෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය. පන්දු 74කට මුහුණදුන් ඔහු හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 58ක් රැස්කරගත්තේය. නායකයා සමග මනා සම්බන්ධතාවයක් ගොඩනැගූ Azmatullah Omarzai කණ්ඩායමේ වගකීම සිය කරමතට ගෙන තරගය ජයග්‍රහණය කරා ගෙන යාමේ භාරදූර වගකීම නොපිරිහෙළා ඉටුකළේය. එහිදී වේගවත් පිතිහරඹයක් දියත් කරමින්…
දිවයිනේ බොහෝ පළාත්වල අද (31) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා චෝදනා පත්‍ර පසුගිය (27) සිකුරාදා බාර දුන්නේය. එම චෝදනා පත්‍ර බාරදෙමින් දින 14 ක් ඇතුළත චෝදනාව සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහලේකම්වරයා දැනුම්දී ඇත. නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් ඔවුන් තනතුරුවලින් පහ කෙරෙනු ඇත. එම දෙදෙනාට මෙම චෝදනා පත්‍ර බාරදී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනවලදී අනාවරණය කෙරුණු තොරතුරු පදනම් කරගෙනය. මූලික විමර්ශනයේ වාර්තාව අදාල විමර්ශන කණ්ඩායම විසින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට…
මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ අට හැවිරිදි දරුවෙකුට පහරදුන් බවට සැකපිට මව්ලවීවරයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සෙනසුරාදා (28) රාත්‍රී එම දරුවා ඉගෙනීම් කටයුත්තක් සඳහා පල්ලියට ගිය අවස්ථාවේ සැකකරු විසින් පොල්ලකින් පහරදී ඇති බවය. තුවාල ලැබූ දරුවා කාත්තන්කුඩි රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා තිබේ. පාඩම් කිරීමට පවරන ලද පාඩමක් නිසි පරිදි කට පාඩම් නොමැති වීම හේතුවෙන් අදාළ දරුවාට පහරදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි. ඒ අනුව TK-730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද උදෑසන 05.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවුණි. මෙම ගුවන් යානයෙන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. ගුවන් ගමන සඳහා පැය 08ක කාලයක් වැය වන අතර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිටත් නැවත උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලාත් පිටත්වීමට නියමිතය. ලබන වසරේ සිට සතියේ දින 07ම තුර්කි ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව වාර්තා…
මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ බී.බී.සී. පාලම අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. ඊයේ (29) අලුයම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත මරදාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි. විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වන උස අඩි 05 අඟල් 08ක, තළෙලු සිහින් සිරුරක් හිමි කොණ්ඩය කොටට කපා, නිකට යටින් රැවුල වැවී ඇති දම් පැහැ කොට කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසුණ අයෙකි. මෘත ශරීරය…
දිවයිනට පැමිණි “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබේ. “Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වු අතර අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය දා අවසර ලබාදී තිබුණි. මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර ඒ සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය. ඒ අනුව දිවයිනට පැමිණ ඇති “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනය…
ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ අක්‍රමිකතා හෙළි වන ප්‍රධානතම කරුණ වන්නේ, එහි දත්ත ගබඩාව මකා දැමීම බව සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඔහු පැවසුවේ, දත්ත ගබඩාව මකා දැමීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් තනතුරු සඳහා පත් කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවය. ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “ඖෂධ නියාමන අධිකාරියේ ඇත්ත හොරකම හෙළි වෙන පළමු වැනි තැන තමයි මේ දත්ත මකපු තැන. රජයේ අවධානය යොමු වෙලා තියෙනවාලු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව අයින් කරන්න. සභාපති ඉවත් කරන්න. ඒ ගොල්ලන් ව අයින් කරලා දත්ත සොරකම සම්බන්ධයෙන් ඒ…
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා එරටට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එරට ක්‍රීඩාංගණවල දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් රැගෙන ආ ජාතික කොඩි ක්‍රීඩාංගණය තුළට රැගෙන යාමට ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අසල සිටි ආරක්ෂක නිලධාරීන් අවස්ථාව ලබා දී නොතිබුණු බව සඳහන්ය. තව ද ක්‍රීඩා ලෝලින් තරගය නැරඹීමට ශ්‍රී ලංකා ජර්සිවලින් සැරසී පැමිණ සිටි අතර, එම ජර්සිවලින් සැරසී ක්‍රීඩාංගණය තුළට ඇතුළු විය නොහැකි බව ද ආරක්ෂක නිලධාරීන් දන්වා සිටීමත් සමඟ ක්‍රීඩාලෝලීන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්වයක් හටගත් බව ද වාර්තා වේ.