Author: LFN

2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව කණ්ඩායමක් වශයෙන් හෝ ක්‍රීඩකයන් වශයෙන් දියුණු කිරීමට වැඩකටයුතු නොකළ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරලිදරන් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන්, “ලෝකශූර කණ්ඩායම් එක් දවසකින් දෙකකින්, අවුරුද්දකින් දෙකකින් හදන්න බැහැ.ඒක අවුරුදු හතරක පහක ක්‍රියාවලියක්. අපි ඒකට ක්‍රීඩකයින්ව හදන්න ඕන. අවංකවම කිව්වොත් 2015න් පස්සේ අපි කණ්ඩායමක් ගොඩනැගුවේ නැහැ.ක්‍රීඩකයින්ව හැදුවේ නැහැ. සමහර හොඳට ක්‍රීඩාකරන ක්‍රීඩකයෝ එක පාරටම අසාර්ථක වුණාම කණ්ඩායමේ නැතිවෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. හැබැයි එයාට මොකද වුණේ කියල මම දන්නෙ නැහැ. ගියපාර ලෝක කුසලානෙ ආරම්භක පිතිකරුවා.ඔහු ශතක දෙකක් ගැහුවා. අවිශ්ක ප්‍රනාන්දු ඔහු මේ…

Read More

මීරිගම අම්බන්වත්ත ළමා නිවාසයෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති බව එහි පාලිකාව මීරිගම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ. මෙම දරුවන් සම්බන්ධව යම් තොරතුරක් ඇත්නම් දැනුම්දෙන ලෙස පොලිසීය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව දරුවන් පිළිබඳව තොරතුරක් වෙතොත් දුරකථන අංක 071 8591625 / 033 2273222 වෙත දැනුම්දෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කර ඇත. පොලීසිය පවසන්නේ එම දරුවන් දෙදෙනාම අවසන් වරට පාසල් නිල ඇඳුමින් සැරසී සිට ඇති බවය. මෙලෙස පළාගොස් ඇති බවට වාර්තාවන එක් දරුවෙකුගේ ඡායාරූපයක් ද පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. මේ අතර අම්බලන්ගොඩ මීටියාගොඩ ළමා නිවාසයෙන් පළාගොස් සිටියදී සොයාගත් දැරියන් 8දෙනෙකු ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයකට යොමුකිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය…

Read More

නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි බිල සංශෝධනයක් කිරීම හේතුවෙන් එළඹෙන වසරේ ජනවාරි පළමුවනදා විදුලිබිල සංශෝධනය නොකරන බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදාය.

Read More

පවතින තත්ත්වය තුළ වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ වනවිට එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීම බවද ඔහු සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය. තත්ත්වය එසේ තිබියදී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ අතර 2022 වසරේදී මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු ආදායම රුපියල් බිලියන 1,751කි. ඉන් 2022 වසරේ රාජ්‍ය සේවක වැටුප් සඳහා පමණක් බිලියන 956ක් වැය වී ඇති…

Read More

අනියම් සැමියා සමග එක්ව සිය සැමියාව මෝටර් රථයකින් හප්පා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්වූ මිය ගිය පුද්ගලයාගේ බිරිඳ, ඇගේ අනියම් සැමියා සහ තවත් අයෙක් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝගය කර ඇත. පසුගිය ජූලි මස 27 වනදා මාවනැල්ල, ගලතර ප්‍රදේශයේ මාර්ගය අසල තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි. එම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වු අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී තිබුණි. ඒ අනුව මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිරුර භාරගෙන අවසන් කටයුතු…

Read More

රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩැජෙස්තාන් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් ය. මේ අතර ඊශ්‍රායලය රුසියානු බලධාරීන්ට දන්වා ඇත්තේ යුදෙව් ජාතිකයින් ඇතුළු සිය පුරවැසියන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි. ටෙල් අවීව් හි සිට පැමිණි ගුවන් යානයක් සම්බන්ධයෙන් ආරංචි පැතිර යාමත් සමගම මුස්ලිම් තරුණයින් ගුවන්තොටුපොළ ට කඩා වැදී තිබුණි. එම පිරිසෙන් සමහරු ගුවන් යානය වටකර ඇති අතර පසුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව ඉවත්කර තිබේ. ගුවන්තොටුපොළ තුළ කලබල කළ 60 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය. මේ වනවිට එම ගුවන්තොටුපොළ වසා දමා ඇති බව වාර්තා වෙයි.

Read More

එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (30) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් එම අදහස් පළකළ බවය. අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කරන බවද ජනධිපතිවරයා සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දිනෙන් දින බඩු මිල වැඩිවන පසුබිමක වැඩ කරන ජනතාවගේ වැටුප්ද ඉහළ නැංවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවය. ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ…

Read More

යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊ දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම කෙටුම්පත ඉදිරිපත් කළ බවය. ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරේ. අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

බියගම යටවත්ත ප්‍රදේශයේ මාර්ගයකදී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය වෙඩිතබා තිබේ. ත්‍රිරෝද රථයේ පිටුපසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් බියට පත්වූ සැකකරුවන් රථය මාර්ගයේ අතහැර පළාගොස් තිබුණි. බියගම පොලීසිය ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් සහ සොරකම්කර ඇති බවට සැක යකඩ තහඩු කිහිපයක් සොයාගෙන තිබේ පළාගිය සැකකරුවන් මේ වනවිටත් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.

Read More

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගැනීමට තැත්කළ අයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී ජීව අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. පානදුර දකුණ පොලීසියට අනුයුක්ත නිලධාරීන් ජංගම මුර සංචාරයක නිරතව සිටියදී සැකකරු පිළිබඳව සැක සිතී ඔහුව පරීක්ෂා කිරීමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකරගනිමින් එක් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ දරා තිබේ. පසුව පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත. අනතුරුව සැකකරු රැඳී සිටි ස්ථානයේ විදුලි පහන් කණුවක් අසළ සඟවා තිබූ අඩි…

Read More