Author: LFN
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබේ. (31) මල්වතු මහා විහාරයට කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි වෙත මෙසේ අවවාද සිදු කළ බවත් උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද මාධ්‍ය හමුවක දී සඳහන් කළහ. ඒ අනුව ඉදිරියේ දී උන්වහන්සේ ගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමිට පොරොන්දු වූ බව ද අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයක් ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය දියුණු කිරීමට සහ ආදායම වැඩිකර ගැනීමට යෝග්‍ය යෝජනාවලියක් එම නියෝජිතයින් විසින් ජනාධිපතිවරයාට භාරදී තිබේ.
ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන තොඟ කළමනාකරණය කරගැනීම වඩාත් වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ මට්ටමක තිබුණ ද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවය. අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 190කින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 35යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 167ක් පමණි. නවසීලන්තයට එරෙහිව ප්‍රබල පන්දු යැවීමක නිරත වූ Keshav Maharaj ලකුණු 46කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. එසේම Marco Jansenද නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 31කට කඩුලු 3ක් දවාගත්තේය. Kagiso Rabada එක් කඩුල්ලක් දවාගත් අතර Gerald Coetzee කඩුලු 2ක් දවාගත්තේය.
ඉදිරි අයවැයෙන් 55%ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයකට එක්වෙමිනි. ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළ ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මේ සැරේ අයවැය කරන්නේ අමාරු තත්ත්වකින් ණයකරුවන්ගේ බේරිලා ඉදිරියට යායුතුයි අපිට ණය ගෙවන්න කල් දුන්නාට ණය ආපසු ගෙවන්න ශක්තිය තියෙනවාද කියලා බලනවා අපි අයවැයෙන් විශ්වාසය දිනාගත යුතුයි අපිට ණය ගෙවන්න පුළුවන් කියලා ඉදිරි අයවැයෙනුත් ණය පොලී ගෙවන්න කොටසක් වෙන්කළා ණය පොලී සඳහා අයවැයෙන් 55%ක් වෙන්කළා රු.බිලියන 2500ක් ණය පොලිය…
ඕපාත වීරපාන ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඕපාත පොලීසිය ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 2021 වර්ෂයේ අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි තුන්සීයයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 288කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම බොබ් මාලි නැමැත්තාය. 43 හැවිරිදි වියේ පසුවන සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වනවිට මාලබේ තලාහේන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර බොබ් මාලි ඇතුළු සිව්දෙනා හෙට උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව…
දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි. කෙසේ වෙතත් එම අවස්ථාවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට තිබී ඇති අතර දුම්රිය මාර්ග පරීක්ෂකවරයෙකුගේ සැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී තිබේ. වාර්තාවන අන්දමට අදාළ ගස කඩාවැටීමට ආසන්න බව දුටු එම මාර්ග පරීක්ෂකවරයා මේ පිළිබඳව කඩිනමින් දෙමෝදර දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබේ. ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානය වෙත පිවිසීම සඳහා අදාළ සංඥා නිකුත් නොකිරීමට පියවර ගෙන ඇත. අනතුරුව එම ස්ථානය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ අදාළ ගස කඩාවැටී තිබේ. මේ හේතුවෙන් සිදුවන්නට…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක. නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්වල උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකි බව වාර්තා වේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්ය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව පසුගිය (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත බාර දී තිබේ. ඒ අනුව එම විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව සහ මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය. ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බව පැවසූ මහේස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට…
දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. එම සංගමය පවසන්නේ පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බවය. ඒ අනුව හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බවය. අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇත. 08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේය.…