Author: LFN
විමර්ශනයක් සඳහා අවශ්‍ය පුද්ගලයෙකු සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මහජන සහාය ඉල්ලා තිබේ. ඒ අනුව මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව තොරතුරක් වෙතොත් මධ්‍යම බුද්ධි අංශයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මොහමඩ් නාසීර් මොහමඩ් ආදිල් යන නමින් හඳුන්වන මොහු අවසන් වරට පදිංචිව සිටි ලිපිනය ලෙස අංක 51, කාමෙල් මාවත, කොල්ලුපිටිය, කොළඹ 03 හඳුනාගන ඇත. මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් 0112471471, 0112431854 හෝ 0704387112 යන දුරකථන අංක ඔස්සේ මධ්‍යම බුද්ධි අංශයට දැනුම්දිය හැක.
ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා ඊයේ (02) සුවිශේෂී හෙළිදරව්වක් සිදුකළේය. ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එම අධිකාරියේ ලිපි ගොනු කිහිපයක් මේ වනවිට විනාශ කරමින් තිබෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල කළේය. “විධායක අධ්‍යක්ෂවරයා බලෙන් මෙම ඖෂධ නියාමන අධිකාරිය තුළ රැඳී සිටිනවා. ඔහු ඖෂධ නියාමන අධිකාරියට අයත් විවිධ ලිපි ගොනු විනාශ කරමින් පවතිනවා. ඊයේ රාත්‍රියේ මෙම විධායක අධ්‍යක්ෂවරයා ඖෂධ නියාමන අධිකාරියට පැමිණ ලිපි ගොනු වගයක් පේපර් කටර් එකිකන් විනාශ කරලා තිබෙනවා. ඒවා බෑග්වලට දාලා තියෙනවා.” විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රීයාත්මක කිරිම සඳහා,…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (03) දිනයේ තවදුරටත් වර්ධනයවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇතිවෙයි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවද සඳහන් කරයි. නැගෙනහිර පළාතේ, යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ අතර අද රජය විසින් සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබුණි. මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවය. එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.
පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරයි. එහි මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව චක්‍රලේඛ සකස්කර ඇති බවයි. මෙරට ජනගහනයෙන් පාසල් දරුවන් ගේ ප්‍රතිශතය 20%කි. එම දරුවන් ගේ කෘශභාවය සහ අධිබර පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය අනාවරණ කර ඇත. ඊට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, දරුවන් ගේ ආහාර පරිභෝජන රටාවයි. එමෙන්ම මෙහි දී පාසල් දරුවන් ගේ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. දෙසැම්බර් මස 30 වනදාට පෙර එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස එහිදී නියෝග කෙරුණි. පාස්කු ප්‍රහාරයට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අද කැඳවූ අවස්ථාවේ දී එම නියෝග නිකුත් කළේය. මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල…
පියා පහරදුන්නේ යැයි සිත් තැවුලට පත්ව සිටි දැරියක් සියදිවි හානි කරගත් පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 15ක වටගොඩ වත්ත, ඉහළ කොටසේ පදිංචිව සිටි ජීවරාජන් රදිප්‍රියා නැමති පාසල් සිසුවියකි. මියගිය දැරියගේ මව රැකියාවක් සඳහා විදෙස්ගත වී ඇති අතර, පියා විසින් පහරදීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි දැරිය සාරියක් භාවිත කරමින් ගෙල වැලලාගෙන ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනයේ දී පොලීසියට අනාවරණය වී තිබේ. මියගිය දැරියගේ මෘත ශරීරිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට නියමිතය.
ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද නියෝගය ලබා දී ඇත. එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව මහතාට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද…
‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්‍යයයි. මේ අතර, තවත් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන චිලී රාජ්‍යය ද ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ. චීලී ජනාධිපති ගේබි්‍රයෙල් බොරික් පවසා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ‘ජබාලියා’ සරණාගත කඳවුරේ පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත්වීම කිසිසේත් සමාව දිය හැකි කරුණක් නොවන බවය. අරාබි ලෝකයෙන් පිට, වැඩිම පලස්තීන ප්‍රජාවක් ජීවත් වන්නේ චිලී රාජ්‍යයේය.
පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අතර, 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සඳුදා පස්වරු 12.00ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහලේකම්වරිය පැවසීය. 2023 ඔක්තෝබර් මස 19 වැනි දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් එකඟත්වය පළ වී ඇත. මේ අනුව 2023 නොවැම්බර් මස 07 වැනි අගහරුවාදා පෙරවරු 09.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්…