Author: LFN

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, අද පස්වරු 07 සිට හෙට (05) පෙරවරු 05 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීම සිදු වනු ඇත. ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළකරන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read More

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදු කර තිබේ. දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන් ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බව වාර්තා වේ. සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පණිවුඩයක් තබමින් මාක් සකර්බර්ග් මේ බව සඳහන් කර ඇත. එසේම තමන් පිළිබඳ සැලකිලිමත් වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාව දක්වන බව ද සකර්බර්ග් පවසා තිබේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත මිශ්‍ර සටන් කලා (MMA) තරගයක් සඳහා තමන් පුහුණු වෙමින් සිටි බවත් ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත. සුව වීමෙන් අනතුරු ව නැවත MMA පුහුණුවීම් සඳහා එක්වීමට සූදානමින් සිටින බව පවසා ඇති මාක් සකර්බර්ග්, ආදරය සහ සහයෝගය…

Read More

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා ගේ මරණය ස්වාභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට දැනුම් දී තිබිණි. නමුත් සෙලින්කෝ තැන්පත්කරුවන් ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (03) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, එම මරණය ස්වාභාවික මරණයක් ලෙස හුවාදැක්වීමට කොතලාවල මහතා ගේ නිතීඥවරු ඇතුළු කිහිප දෙනෙකු කුමන්ත්‍රණය කර ඇති බවයි. එම පිරිස්, කොතලාවල මහතා බිරිඳ සමඟ ජීවත් වූ නිවසින් ඔහු ඉවත් කොට කොළඹ ෆොන්සේකා මවතේ පිහිටි ඔහු ගේ කාර්යාලය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් වාතාශ්‍රය පවා නොලැබෙන කාමරයක රඳවා සිටි බව ජූඩ් මාකෝ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. එම කාලය තුළ දී කොතලාවල මහතාට නිවිතිය…

Read More

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී දෙරටේ රාජ්‍ය නායකයන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ සිය විශේෂ අවධානය යොමුව ඇති බව පැවසූ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඊට…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වනු ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

Read More

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

Read More

අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ. ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස් කිරීම් සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් මඟින් අදාළ පාඩුව සිදු ව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් මණ්ඩලයට සිදු ව තිබේ. විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධයෙන් ගත වූ මාස අටක කාලය තුළ වැටලීම් 1,041ක් සිදු කර ඇති අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලයට හත්කෝටි…

Read More

ආන්දෝලනයකට තුඩු දුන් දාරලුව පඬු කරඳ ගස රහසිගත ව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන තිබේ. පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ උඩස්ගිරියේ සමිත හිමියන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිවේගී මාර්ගයේ නිලධාරීන් විසින් මෙම නඩුව පවරා තිබිණි. අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා මෆ්පි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇත. එහි දී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා පවසා සිටියේ, පැමිණිලිකරුවන් විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීම පුදුම සහගත බවත් ඉදිරියේ දී අදාළ නිලධාරීන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවත්ය.

Read More

සිව් දිනක් තිස්සේ අතුරුදහන් වී සිටි හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරු ගේ සිරුර බොක්කුවක් යට තිබීය දී අද (03) සොයාගත් බව පොලීසිය පවසයි. හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තෙහි තිබී මෙම පිරිමි පුද්ගල මළ සිරුර හමු වුණු බව හැටන් පොලීසිය වාර්තා කර තිබේ. මිය ගොස් ඇත්තේ, හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති (49) හැවිරිදි තිදරු පියෙකි. මරණකරු හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකු බවත් මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බවත් වාර්තා වේ. ඒ පිළිබඳ මරණකරු ගේ බිරිඳ විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර, එම වතුයායේ වතු කම්කරුවන් සමඟ එක් ව සොදිසි මෙහෙයුමක් ද දියත් කර…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ. රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය. අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි. සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

Read More