Author: LFN
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිටින්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව පිළිබඳව ද අවදානම් තත්ත්වයකය. ඔවුන්ට අද (06) පැවැත්වෙන බංග්ලාදේශය සමඟ තරගය සහ ලබන බ්‍රහස්පතින්දා නවසීලන්තය සමඟ තරගය පමණක් ඉතිරිව ඇති අතර මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හත් වැනි ස්ථානයේ රැඳී සිටියි. කෙසේ වෙතත් 2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 08 අතර රැඳී සිටීම අනිවාර්යයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වුවත් එළැඹෙන තරග දෙක අතිශයින් තීරණාත්මක වේ. දැනට මුල් ස්ථාන හයේ සිටින කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා අවසන්ය. ශ්‍රී…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (05) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 326ක් රැස්කළේය. නමුත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස්කළේ ලකුණු 83ක් පමණි. ඒ අනූව ඉන්දීය කණ්ඩායම මෙම තරගය ලකුණු 243කින් ජය ලැබීය. මෙය ඔවුන් 2023 ලෝක කුසලාන තරගාවලියේ පිටපිට ලැබූ 8වැනි ජයග්‍රහණය යි.
මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ලෙස ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) පෙරවරුවේ පැවැත්වුණේ, ගාල්ල නගර ශාලාවේ දී ය. ඒ, එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගේ ප්‍රධානත්වයෙනි. සමුළුව සඳහා මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, පක්ෂ සභාපති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. සමුළුවෙන් පසු දිලිත් ජයවීර මහතා පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත විය.
ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් තරුෂි කරුණාරත්න, ජනාධිපතිවරයා විසින් ඊයේ (05) මහනුවර ජනාධිපති මන්දිරයේදී ඇගයීමට ලක්කෙරිණි. ඇගේ දක්ෂතා අගයමින් සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීම සම්බන්ධයෙන් ඇයට ස්තුතිය පළ කළේය. මෙරටට පත්වීම් ලද පැමිණි නව තානාපතිවරු වෙත තරුෂි හඳුන්වාදීමද ජනාධිපතිවරයා විසින් එහිදී සිදුකරනු ලැබිණි. තරුෂි කරුණාරත්නගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩාවල නිරත වන සිසු සිසුවියන් 76 දෙනාටද මෙම අවස්ථාවට ආරාධනා කර තිබිණි. මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා ඇත. එහිදී ඔවුන්…
අඛණ්ඩව ක්‍රියාත්මක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගාසා තීරයේ උතුරු ප්‍රදේශ මෙන්ම මධ්‍යම සහ දකුණු කලාපද ඉලක්ක කර ක්‍රියාත්මක වෙයි. මධ්‍යම ගාසා හි මඝාසි කඳවුර සහ එක්සත් ජාතීන් පවත්වාගෙන ගිය මේ වන විට සරණාගත කඳවුරක් ලෙස ක්‍රියාත්මක උතුරු ගාසා හි ජබාලියා පාසලත් ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කයක් වී තිබුණි. මෙම ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 50 කට අධිකය. උතුරු ගාසා හි තුවාලකරුවන් වැඩි ප්‍රමාණයක් යොමුකෙරෙන අල් ෂිෆා රෝහලේ ඉන්ධන අවසන් වෙමින් ඇති අතර එසේ වුවහොත් රෝගීන් 100දෙනෙකු පමණ මියයනු ඇතැයි රෝහල් බලධාරීන් පවසයි. ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර මාසයකට ආසන්න කාලයක් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දැනටමත් 9,500කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් මියගොස් තිබේ. ප්‍රහාර…
කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ඇති මගී ගුවන් පාලමේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (05) සිට මෙලෙස එම මාර්ගය වසා තැබීමට සිදුවන බව පොලීසිය පවසයි. එබැවින් එම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පෞද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අලුත් වැඩියා කිරීම සඳහා එම දේපොළ හිමි සමාගමෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇත. පොලීසිය පැවසුවේ, මෙම සැකකාර යුවළ විසින් ලබාගෙන ඇති මුදල රුපියල් 9,943,108.03ක් බවයි. එම වටිනාකමට ඉදිකිරීම් සිදු නොකර මෙම සැකකරුවන් විසින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එම සමාගම විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව පොලීසිය විසින් විමර්ශන කර තිබේ. එහි දී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් අංක 31,7, පැපිලියාන පාර, නැඳිමාල, දෙහිවල ලිපිනයේ…
ප්‍රදේශ රැසකට අද (05) පස්වරුවේ හා රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ හා දකුණ යන පළාත්වලට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ. මේ අතර, අකුණු මඟින් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව සිය වාර්තාව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමට නියමිතය. එමෙන්ම ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස මගින් මේ වනවිට නැවත ආරම්භ කර තිබේ. ඒ අනුව නැවත වතාවක් පාර්ශ්ව රැසකින් මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වෙයි. මේ අතර ෂාෆටර් මහතාගේ දේහය පිළිබඳ නැවත අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ ජාවත්ත පොදු සුසාන භූමියේදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදුකෙරුණි. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව පසුගියදා සිය වාර්තාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට…
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ. එමගින් පෙන්වාදී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බවය. ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බවද සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවය. ශ්‍රී…