Author: LFN

පවතින අධික වර්ෂාවත් සමග මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් ඇතිවී තිබේ. ඒ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇත.

Read More

අම්පාර, බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි. ඊයේ (06) රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකළ ඇති අතර, එහිදී 42 හැවිරිදි මායාදුන්න, වැරන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පුද්ගලයා නිවස පිටුපස දියනාමින් සිටිය දී පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබේ. කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. වෙඩිතැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා…

Read More

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන අතර එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතය. 2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ වුණි. 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවය. එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවද වාර්තා වේ. මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවද වාර්තා වේ.

Read More

ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනය පවසයි. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම මස තුළ ගෑස් මිල වැඩි වීමක් සිදුනොවන අතර පෙර පැවති මිලටම ලාෆ්ස් ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතී. කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකිය.

Read More

ජාතික ජනබලවේගයේ නායකත්වයට සියයට 46ක ජනතා කැමැත්තක් පවතින බවට නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම සමීක්ෂණයට අනුව වත්මන් රාජ්‍ය පාලනයට සියයට 17ක ජනතා කැමැත්තක්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 29ක ජනතා කැමැත්තක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා කැමැත්ත සියයට 8ක් දක්වා පහළ ගොස් ඇති බවය. මහර ප්‍ර දේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය. “අපිට කිව්වේ 3% කණ්ඩායම කියලානේ. ඔය මොනවා කරත් 3%ට වඩා ගන්න බෑ. රැස්වීම්වල සෙනඟ ඉන්නවා, ඒත් වැඩක් නෑ ඡන්දේ දෙන්නේ නෑ… එහෙම කිය කිය…

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත. එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි. ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත. එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.

Read More

සිය පෙම්වතිය ලැගුම්හලකට කැටුව ගොස් එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් කාමරයක රදවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරිම සම්බන්ධයෙන් කළමනාකරු අත්අඩංගුවට ගත්බවත්, ප්‍රදේශයෙන් පලාගොස් සිටින පෙම්වතා සොයා පරීක්ෂණ සිදුකරන බවත් අගලවත්ත පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත ඕමත්ත ප්‍රදේශයේ පදිංචි ලැගුම්හල් කළමනාකරු බව පොලිසිය කීය කාන්තාවක අගලවත්ත ඕමත්ත පාරේ ලැගුම්හලක රදවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත 119 ඔස්සේ ලද පමිණිල්ලක් මත යතුරුපැදි සංචාර නිළධාරීන් සහ ළමා හා කාන්තා කාර්යාංශ නිළධාරීන් විසින් කල පරීක්ෂාවකදී ඇය භාරයට ගෙන කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ. වින්දිත කාන්තාව ඇගළුම් සේවිකාවක බවත්, ඇය පසුගිය 2 රාත්‍රි ලැගුම්හලට කැටුව විත් 4 දින පොලිස් භාරයට ගන්නාතුරු…

Read More

එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ පැවැති පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. අධ්‍යාපන ක්ෂේත්‍රය අඛණ්ඩ ව සහ ක්‍රමවත් ව පවත්වාගෙන යාමට ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් භාණ්ඩාගාරයෙන් එයින්50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට දැනට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ…

Read More

සීනි සඳහා අය කරන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙට්‍රික් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත් කිරිම නිසා රජයට කෝටි 100ක බදු ආදායම පාඩු වී ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙම සීනි මෙට්‍රික් ටොන් 22000 හොර රහසේ නිකුත් කිරීම නිසා පාඩුව සිදුවූ බවත් පාඩු මඟහරවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කර සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට…

Read More