Author: LFN
තම මුදලින් හෝ වියදම් කර අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් යළි නිවැරදි මාර්ගයට ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, “මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක. අපේ ක්‍රීඩකයෝ 80 දෙනෙක් ඉන්නේ පිටරට. මේ හොඳම ක්‍රීඩකයෝ ටික. ඇයි ඒගොල්ලෝ යන්නේ, මේ රටට ආදරේ නැතිකමට නෙවෙයි නේ. ඒගොල්ලොන්ට අපි අවස්ථාවක් දීලා තියෙනවාද. මට…
තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි. අද (12) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ක්‍රිකට් කණ්ඩායම එක් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය තරග 09න් ජයගැනීමට සමත් වූයේ තරග දෙකක් පමණි. කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක පළමු තරග දෙකෙන් පසු ආබාධයට ලක් වූ අතර, අනතුරු ව කුසල් මෙන්ඩිස් යටතේ කණ්ඩායම ක්‍රීඩා කළේය. තරගාවලිය මුළුල්ලේ අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රිඩකයන් ආබාධයන්ට…
මුලතිව් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී අද (11) වන දින මහවිරු දෙමව්පියන් ඇගයීමේ උස්සවයක් පවත්වා ඇති අතර, එම උත්සවය පැවැත්වෙන අතර තුරදී එම ස්ථානයට පැමිණි රවිහරන් හා විජින්දන් නැමති පුද්ගලයින් විසින් මෙම උත්සවට අදාල නොවන අයුරින් හමුදාවන්ට චෝදනා කරමින් අදහස් දැක්වීමට කටයුතු කරන අවස්ථාවේදී එහි සිටි තරුණයෙකු විසින් සිය විරෝධය පා ඇත. එහිදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් එම තරුණයා අප වෙත මෙසේ අදහස් දක්වන ලදී. “අද දින මහවිරු දෙමාපියන්ව ඇගයීමේ උත්සවයක් මුලතිව් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී පැවැත්වූ අතර, ඒ සඳහා මමත් සහභාගී වී සිටියා. ඒ සහභාගී වූයේ ඇයි කියා මා පසුවට ප්‍රකාශ කරමි. මහවිරු පවුල් වල දෙමාපියන් ඇගයීම සිදු කරනවානම් ඔවුන්…
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එම සභාව සඳහන් කළේ, ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන බවයි. තමන් ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වි ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත් ව සිටිය යුතු බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. තම දුරකථනයෙන් #132# අංකය ඇමතීමෙන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගැනීමේ හැකියාව පවතින බව ද සඳහන්ය. තමන් ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත්…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවයි. මීට අදාළ කරුණු තවදුරටත් සලකා බැලීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව එම කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරු ව මෙම තීරණය ගෙන තිබේ. එම කවුසිලයේ විශේෂ හමුවක් නොවැම්බර් 18-21 කාලයේ දී ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අනතුරු ව නොවැම්බර් 21…
ගම්පොළ දැල්පිටිය දේවිට ජනපදයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර කාමරයක ඇඳක් යට දමා තිබියදී පොලිසියට හමුවී තිබේ. ඝාතනය වී ඇත්තේ පද්මා ධර්මසේන නැමති 63 හැවිරිදි දෙදරු මවකි. ඝාතනය වූ කාන්තාව මුදල් ගනුදෙනු කිහිපයක් සඳහා නගරයට ගොස් නිවසට පැමිණ ඇති බව වාර්තා වේ. යම් අයෙකු ඇය ඝාතනය කර මුදල් ලබාගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.
යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත් ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත්ය. කෙසේවෙතත් මේ වනවිට නීතිපතිවරයා වෙත තබා ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි ද පැවසු ක්‍රීඩා අමාත්‍යවරයා තමා පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් මෙහි කටයුතු සිදුකරන බව ද පැවසීය. “තහනමක් තව එන්නේ නෑ.…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරු පහරක් බවය. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය. ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල්දැමීමේ හැකියාවක් නොමැති බවද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය. “ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ. ප්‍රමාද කරන්නත් බැහැ. 2024 සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පවත්වන්නම ඕනේ.”
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.
සමාජ මාධ්‍යය මඟින් ළමා අපයෝජනයන් බහුලව සිදුවන බව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, සමාජ මාධ්‍යයෙන් සිදුවන අපයෝජන බොහෝමයක් වාර්තා නොවන බවය. ටීවි දෙරණ ඔස්සේ ඊයේ (08) රාත්‍රී විකාශය වූ අලුත් පාර්ලිමේන්තු වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. “පසුගිය මාස 9ට පොලීසියේ පරිගණක අපරාධ අංශයට සමාජ මාධ්‍ය හරහා සිදුකළ අපරාධ 3,500 ඉක්මවලා තියෙනවා. එයින් හරියටම මට මතක නෑ. නමුත් 500ක් වගේ ප්‍රමාණයක් ළමා අපචාර තියෙනවා. එවායින් සමාජ මාධ්‍ය හරහා ආරම්භය ලබලා ඉන් ඔබ්බට ගිහින් අපචාරය ගැන දූෂණය ගැන පැමිණිලි එනවා. එතකොට ඒ ගැන රාජකාරිය කරන්න පොලීසියට උසාවියට යනවා. හැබැයි ඒකට හේතුව සමාජ මාධ්‍ය…