Author: LFN
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ඊයේ (13) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. මෙම වියදම් සාරාංශය ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අදාළ මුදල් වියදම් කළ ආකාරය හෙළිකරන ලෙස කළ අභියෝගයෙන් පසුවය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කරමින් ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 2,900ක මුදල වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් 28…
2024 වර්ෂයට අදාළ අයවැය ලේඛනය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකරන අවස්ථාවේදී වෘත්තීය සමිති කිහිපයක් පොල්දූව මංසන්ධියට එක්රැස්වී තිබුණි. එහිදී ඔවුන් සඳහන් කළේ මෙවර අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් තමන් අපේක්ෂා කරන බවය. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා, “20,000ක් දුන්නේ නැත්තම් සටන අඛණ්ඩව ඉදිරියට යනවා.” මේ අතර පාර්ශ්ව රැසක් අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා, “අපේ ප්‍රශ්නය ගැන එක වචනයක්වත් කතා කළේ නැහැ.” සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා, “සමස්ත වැඩබිමම අවදි වියයුතුයි. මේ පාර එළවලා මිසක් නවතින්නේ නැති අරගලයක් එන්න වෙනවා.”
කළුතර නගර මධ්‍යයේදී ඊයේ (13) පස්වරුවේ පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක් එල්ලවී තිබේ. කඩු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස කඩු ප්‍රහාරයට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි. ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවද අනාවරණය වී ඇත. ඔහුගේ දෙඅත්වලට පිට ප්‍රදේශයට කඩු ප්‍රහාර 3ක් එල්ලවී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. කඩු ප්‍රහාරය එල්ලවීමත් සමග පහරකෑමට ලක්වූ මෙම පුද්ගලයා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසට දිවගොස් ඇති අතර එම අවස්ථාවේදී මග ඇදවැටී තිබේ. පසුව එම ස්ථානයේ රැස්ව සිටි පිරිස එක්ව ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.…
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උතුරු, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (14) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති නිය හැකි බවය. බස්නාහිර, සබරගමුව,දකුණු, මධ්‍යම,උතුරු මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය 2023 සඳහා මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට හිමිවී තිබේ. 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි ට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. ICC “Hall of Fame” ගෞරවය දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසද ඩයනා එඩුල්ජි වාර්තා පොතට එක්විය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතය. විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ඔහුට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් එහිදී අමාත්‍යවරයා CIDය වෙත පැමිණිලි කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය. මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා, අසා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ පෙත්සම්කාර මෙන්ම වගඋත්තරකාර සරත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට දින නියම කළහ. මෙම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී…
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව තහවුරු කළාය. 2024 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ලබන වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326කි. පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර, වැටුප් වැනි වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රමාණය රුපියල් බිලියන 5,334කි. ප්‍රාග්ධන වියදම් නැතහොත් නව ව්‍යාපෘති හෝ පැවති ව්‍යාපෘති ආදියට…
අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ. පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි සභාපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බවය. පරිසර බලපත්‍රයක් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පසුගිය සිකුරාදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් ඊයේ (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අභියෝග රාශියක් මැදින් කෙටිකාලීනව ජනතාව මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් සොයමින් දීර්ඝකාලීනව ශ්‍රී ලංකාව නැගී සිටුවීමට උපකාරී වන අයවැයක් හෙට දිනයේ ඉදිරිපත් කරනු ඇති බවමුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. කිසිදු අවස්ථාවක මැතිවරණය ඉලක්ක කරමින් විසඳුම් ඉදිරිපත් නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. නැවත වතාවක් ආර්ථික වශයෙන් පතුළට නොවැටෙන ස්ථීරසාර වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.