Author: LFN
මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ඊට අදාළ ගිවිසුම් සඳහා ණයහිමියොත් සමග අත්සන් තැබිය යුතු බවය. “ඒ කටයුත්ත නොකරන තාක්කල් මේවා ඔක්කොම සිහින පමණයි. රටේ අර්බුදය හා බලනකොට, ඒ අර්බුදයෙන් ගැලවී යාම සඳහා ප්‍රමාණවත් නොවනවා පමණක් නෙවෙයි, මහජනයා අතිශයින් මුලා කරන සුළුයි. මේ දීලා තියෙන දේ. සතුටු වෙන්න පුළුවන් කාරණාවකට තියෙන්නේ. මේ රටේ වැඩකරන ජනතාවට රු. 10,000 කින් අප්‍රේල් මාසෙ ඉඳන් වැටුප්වලට දීමනාවක් එකතු වීමත්, විශ්‍රාමිකයන්ට රු. 2500 ක් එකතු වීමත් පමණයි. ඒකත් ප්‍රමාණවත් නැහැ.” මෙවර අයවැය කොළඹ…
2023 ඔක්තෝබර් 20 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම වාර්තාව මගින් කරුණු වාර්තා කර තිබේ. කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (14) කථානායකවරයා වෙත භාරදුනි. ඒ අනුව අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන පිරිස කටයුතු කළහ.
වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක් ද යන්න පිළිබඳ අවධානයෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අයවැය හරහා තම සංගමය සමග එකඟ වූ කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බව එම සංගමය සඳහන් කළේය. අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එම අදහස් පළ කළේය. “මේ අයවැය ලේඛනයේ බැලූ බැල්මට පෙනෙන දෙයක් තමා අපිට දුන්න පොරොන්දු සහ අයවැයේ එළියට කියවුණ දේ අතර විශාල හිඩසක් තියෙනවා කියන එක. ඒ පරතරය සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක් බලධාරීන්ගෙන් එන්නේ නැහැ. මොකද අපි කිව්වේ වෛද්‍යවරුන්ට ආර්ථික කෘර්තිය ඉටුකරන්න. ඒකට උත්තේජනය අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන විදියේ විසඳුමක් අයවැය හරහා…
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබේ. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ලබන 16 වනදා කැඳවීමට නියමිතය.
අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද (14) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 100න් රුපියල් මිලියන 15ක මුදලක් තැන්පත් කර ඇති බවය. මීට අමතරව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අධිකරණය මඟින් ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 1,725,588ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 50න් රුපියල් මිලියන 5ක්, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 4.1ක මුදලක්,…
බොරැල්ල පොලිස් වසමේ, සර්පන්ටයින් මහල් නිවාසයේ තුන්වන මහලෙන් බිමට වැටී දරුවෙක් බරපතළ තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දහවල් කාලයේ එම අනතුර සිදුව ඇති බවය. එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 16ක් වූ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි දරුවෙකි. තුවාල ලැබූ දරුවාගේ මව දරුවා නිවසේ නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව ඔහුව සොයා ඇත. පසුව ඔහු නිතර යන එන තැනක් වන බැවින් අදාළ මහල් නිවසේ තුන්වන මහලේ පිහිටි නිවස වෙත ගොස් කතා කිරීමේ දී නිවස තුළ සිටි දරුවා කලබලයට පත්ව පිටුපස ජනේලයෙන් පිටතට පැමිණ බිත්තියේ තිබෙන ග්‍රිල් ආධාරයෙන් බිමට බැසීමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේ දී දරුවා අනතුරට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (14) පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය. එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය. මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණි. මේ හේතුවෙන් විගණකාධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයට සිදුකළ නිර්දේශ…
පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස සේවය කළ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක මෝර්නේ මෝකල් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අතර ඒ හේතුවෙන් ඔහු එම තීරණය ගන්නට ඇතැයි අනුමාන කෙරේ. ඔහුගේ කොන්ත්‍රාත්තුව නිමවීමට නියමිතව තිබුණේ තවත් මාසයකිනි.
2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි. බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා අයවැය මගින් වෙන්කර ඇති රුපියල් බිලියන 450, වියදමක් ලෙස දක්වා ඇති අතර අයාවය පරතරය 9.1%ක් වී ඇත්තේ එම අගයත් සමගය.
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි කැරාරා හි ක්‍රීඩා පිටියක පැවති ලීග් ක්‍රිකට් තරගයකදී එක පන්දු ඕවරයකදී කඩුලු 6ක් දවා ගැනීමට පන්දු යවන්නෙක් සමත්වී තිබේ. Surfers Paradise ක්‍රිකට් සමාජය සහ Mudgeeraba ක්‍රිකට් සමාජය අතර පැවති එම තෙවැනි පෙළ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම ලකුණු 178ක් රැස්කළේය. ඒ අනුව තරගයේ අවසාන ඕවරයෙදී Surfers Paradise කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 5කි. ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 6ක් තිබුණි. Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan එම පන්දු ඕවරය යැවීමට තීරණය කළේය. ඔහු එහිදී සිදුකළේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයකි. එනම් එම ඕවරය තුළදී ප්‍රතිවාදී කඩුලු 6ම දවා ගැනීමට ඔහු සමත්විය.