Author: LFN

චීන ජනාධිපති ෂි ජින් පින් අමෙරිකාවට පැමිණ තිබේ. ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීම සඳහා චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇත්තේ, වසර 06කට පසු ව වීම ද විශේෂත්වයකි. සමුළුව අතරතුර ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

Read More

පාසල නිම වී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ චෝදනාව මත කාන්තාවක් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ පදිංචිකාරිණියකි. සිසුවිය පැහැරගෙන යාමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති සැකකාර පාසල් සිසුවෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි. සැකකාර පාසල් සිසුවා ත්‍රිරෝද රථයකින් පැමිණ සිසුවිය පාසල නිමවී නිවස වෙත යමින් සිටියදී කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී මෙලෙස පැහැරගෙනයාමට උත්සාහ දරා ඇත. එය දුටු පාසල් සිසුවියගේ මිතුරියක් එම ස්ථානයට දිවවිත් ත්‍රිරෝද රථයට නැග තිබේ. අනතුරුව සැකකාර පාසල් සිසුවා විසින් තමන්ට පහරදීමෙන් අනතුරුව කළුතර කිතුලාව ප්‍රදේශයේ පිහිටි අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවගේ…

Read More

ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් එම ගර්භාෂ දෙකෙහිම ගැබ්ගෙන ඇති අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ Alabama ප්‍රදේශයෙනි. Kelsey Hatcher නම් මෙම කාන්තාව 32 හැවිරිදි වියේ පසුවෙයි. ගර්භාෂ දෙකක් සහිතව උපදින කාන්තාවන් ඉතා දුර්ලභ වන අතර එම කාන්තාවන් අතරින් ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීම ද අතිශය දුර්ලභ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිටත් තිදරු මවක් වන ඇය නැවත ගැබ්ගෙන ඇති අතර එම දරුවන් නීරෝගීව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

Read More

ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අසංක සම්පත් නමැති 31 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙකි. වනජීවී නිලධාරීන් පවසන්නේ අනවසරයෙන් රක්ෂිතය තුළට ඇතුළු වූ දඩයක්කරුවන් පිරිසක් වනජීවී නිලධාරීන් වෙත වෙඩිතැබීමක් සිදුකළ බවය. එහිදී වනජීවී නිලධාරීන් විසින් ද පෙරළා වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එහිදී එම පිරිස පළායාමට උත්සාහ දරා ඇති බවද වනජීවී නිලධාරීන් පවසයි. එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් විසින් එම පිරිස ලුහුබැඳගොස් ඇති අතර එහිදී වෙඩි වැදී වැටී සිටි පුද්ගලයා සොයාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා වනජීවී නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. මේ අතර ඥාතීන් පවසන්නේ මසුන් මැරීම…

Read More

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා විය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලණිගම අතර මාතර දෙස සිට කොට්ටාව දෙසට පැමිණි ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මේ හේතුවෙන් මාතර සිට කොළඹ දෙසට පැමිණෙන සියලුම රථවාහන දොඩන්ගොඩ හුවමාරුවෙන් පිටවිය යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම රථවාහනවලට මතුගම කළුතර මාර්ගය ඔස්සේ පැමිණ ගැලණිගම හුවමාරුවෙන් නැවත අධිවේගී මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන්කළ හැක.

Read More

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඇය ගේ නීතිඥවරුන් විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත්කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (15) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේය. සිය පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරු ව අග විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් ක‍ර ඇත.…

Read More

අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන්ගේ වැඩතහනම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේය. පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මෙම ඩීසල් සොරකම සිදුව ඇති අතර මේ පිළිබඳ සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි. අදාළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබේ. ඩිසල් සොරකම් සම්බන්ධයෙන් වන විමර්ශන සම්පුර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ගේ…

Read More

ඊශ්‍රායල හමුදා විසින් ගාසා හි විශාලතම රෝහල වන අල් ශිෆා රෝහලේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එරට වේලාවෙන් අලුයම 2ට පමණ ඊශ්‍රායල හමුදාවන් එම රෝහල් සංකීර්ණය වෙත ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රෝහල් සංකීර්ණය අවට ප්‍රදේශයේ ප්‍රහාර සිදුකළ ඊශ්‍රායල හමුදා එම රෝහලට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වේ. අල් ෂිෆා රෝහල ආශ්‍රිතව හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාව ඇතුළු පාර්ශව විසින් ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.

Read More