Author: LFN

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි යතුරු පැදියේ පසුපස ගමන් ගත් රන්දික පියුමාල් ගමගේ නමැති (21) හැවිරිදි තරුණයකු එසේ මියගොස් ඇත. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම පියාගේ මරණ සහතිකය ගැනීම සඳහා බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කර තිබේ. එසේ ගමන්කරමින් සිටියදි පහළ නාරගල වලව්ව අසල වංගුවේ දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙදී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. යතුරු පැදිකරු ද තුවාල ලබා…

Read More

සංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ නිළධාරීන් (SMPU) කටයුතු කර තිබේ. පසුගිය නොවැම්බර් මස 11 වෙනි දින ඩුබායි රාජ්‍යයේ සංචාරය සඳහා යන බව පවසා දිවයිනෙන් පිටත්ව යාමට තැත්කළ කාන්තාවන් පිරිසක් පිළබඳව සැක සිතූ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසා ඇති අතර, එහිදී ඔවුන් රැකියාව සඳහා විදේශ ගතවන බව පවසා ඇත. ඒ අනුව නිති විරෝධී අයුරින් ඔවුන් විදේශ ගතකිරීමට තැත්කළ මාතර, වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා මිහින්තලේ, අශෝකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේදීම විදේශ…

Read More

ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කල යුතු බවද එමෙන්ම ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ ඊයේ දින (14) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී, ඖෂධ නියාමනය, සැපයීම, බෙදහැරීම හා සම්බන්ධ කරුණු ගැන සෞඛ්‍ය…

Read More

මෙවර අයවැයෙහි සමස්තයක් ලෙස වරදක් නොමැති බවත්, ‘හරියට කළොත්’ බිම් මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වුවද ඇතැම් ‘නරක’ද අයවැයෙහි ඇති බැවින් ‘හොඳ දේට’ සහාය ලබා දීම සිදු කරන බවද ඔහු සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (14දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධන්යෙන් එහිදී මාධ්‍ය සිදු කළ විමසීමේදී රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ “සල්ලි හොයා ගන්න ඕනේ, ඒකටනේ බලය දුන්නේ අපි එපා කියලා” යනුවෙනි. ශ්‍රී ලංකා පොදුජන…

Read More

ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (14) කෝප් කමිටුවේදී හෙළි කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ඒ මහතා මෙම හෙළිදරව්ව සිදුකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවය. එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී දයාසිරි ජයසේකර මහතා හෙළිදරව් කළේය. ‘වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද දයාසිරි…

Read More

පාර්ලිමේන්තුවට පෙරේදා (13) ඉදිරිපත් කෙරුණු 2024 අයවැය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සිය අප්‍රසාදය පළ කර තිබේ. වෘත්තිය සංගම් රැසක් ඊයේ අවධාරණය කළේ රාජ්‍ය සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බවය. මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, “ගුරු විදුහල්පති වැටුප් විශමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ.. ලෑස්තිවෙන්න… අපේ අරගලයට මුහුණ දෙන්න.” ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා, “දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා.”

Read More

2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ 2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වියහැකි බවය. “2024 වසරේ පළමු මාස කිහිපයත් දුෂ්කර වෙන්න යන්නේ. ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගන්න පුළුවන්. 2018 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 94.5ක්. 2022 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 77ට බැස්සා. 2023 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 85ක් වගේ. අපි තවම 2018 තත්ත්වයට ඇවිත් නැහැ. ලබන වසරේදීත් ඒ තත්ත්වයට එන එකක් නැහැ. 2025 සිට තමයි අපේ ගමන යන්න වෙන්නේ. මෙය ඊට සූදානම් වීමක්.”

Read More

උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේදී ද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ආර්ථිකය ගොඩගත්තා නම් ක්‍රිකට් නගාසිටුවන්නත් පුළුවන් – ජනපති ආර්ථිකය ගොඩගත්තා නම් ක්‍රිකට් නගාසිටුවන්නත් පුළුවන් – ජනපති November 14, 2023 06:48 pm තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 2025 වසරේ සිට මෙරට ආර්ථිකය ඉහළ නැංවීම සඳහා සිදුකෙරෙන ක්‍රියාවලියේ මූලික අඩිතාලම ලෙස මෙම අයවැය හැදින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත. මෙහිදී වැඩිදුරටත්…

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය අද (14) පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ආනයනකරුවන්ගේ ගබඩා සහ තොග බෙදාහරින ගබඩා විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබේ. එහිදී ප්‍රධාන ආනයනකරුවෙකුගේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 270ක් සොයාගෙන ඇත. ඒවා සිය භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබීමට නිලධාරීන් පියවරගෙන ඇත. එමෙන්ම තොග බෙදාහරින ස්ථානයක් පරීක්ෂා කිරීමේදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 5ක් ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තබා එහි හිමිකරුට නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

Read More