Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
    Featured

    ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    By LFNNovember 15, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (14) කෝප් කමිටුවේදී හෙළි කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ඒ මහතා මෙම හෙළිදරව්ව සිදුකළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවය.

    එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී දයාසිරි ජයසේකර මහතා හෙළිදරව් කළේය.

    ‘වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

    මේ අතර රුපියල් 150,000ක වැටුපකට සේවාව ලබාදෙන ලෙස ඉල්ලා එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කළේය.

    ක්‍රිකට් ආයතනය එහිදී පවසා සිටියේ එම ඉල්ලීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු වෙත ලිපියක් යොමුකරමින් එලෙස ඉල්ලීමක් කිරීමම අතිශය දෝෂ සහිත ක්‍රියාවක් බවය.

    එහිදී ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් ක්‍රීඩකයින් වෙත කොපමණ මුදලක් ගෙවීම් සිදුකරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කර සිටියේය.

    මෙයට පිළිතුරු දෙමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ සියලුම ක්‍රීඩකයින් සඳහා සියයට 25ක මුදලක් ගෙවන බවය.

    පාසල් ක්‍රීඩා, ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයින් ඇතුළුව සියයට 60ක මුදලක් ක්‍රීඩාවේ දියුණුව සඳහා ගෙවීම් සිදුකරන බවද එහිදී ක්‍රිකට් ආයතනය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.