Author: LFN

දිවයිනේ බොහෝ පළාත්වල අද (17) පස්වරු 1.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල සහ උතුරු පළාතේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් ඊයේ (16) විශේෂ ඉල්ලීමක් කළේය. ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසය. ඔහු මෙම ඉල්ලීම කළේ 10 වැනි වරටත් පැවැත්වූ ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලුදෙනාගේ වගකීමක් බවයි.

Read More

සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී මෙම පුද්ගල මළසිරුර හමුවී තිබේ. තලාතුඔය පොලීසිය සඳහන් කළේ මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වන බවය. අදාළ පුද්ගලයා පසුගිය 12 වනදා සවස් කාලයේදී නිවසින් පිටවගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඉකුත් 13 වනදා මරණකරුගේ මව විසින් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඒ අනුව එම පුද්ගලයාගේ මළසිරුර තලාතුඔය මාරස්සන මාර්ගයේ ඇති බෝක්කුවක් අසල තිබී හමුවී තිබේ.

Read More

බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකු එහි දඟරය වැදී ගෙල කැපී යාමෙන් ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම, පදිංචි ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහුගේ පියා විසින් ඔහුව ඥාතියෙකුගේ නිවසක තබා ගමනක් යෑම සඳහා පිටත් වී තිබේ. සිය බාප්පාගේ නිවසේ සිටි එම තරුණයා බැලන්සය භාවිතයෙන් ව්‍යායාම කරමින් සිටියදී එහි ස්ප්‍රින් එක ගැලවී එය තරුණයාගේ ගෙලෙහි වැදී තිබුණි. ඉන් තරුණයාගේ ගෙලට බරපතළ තුවාල සිදුවී තිබුණු බව පොලීසිය පැවසීය. පසුව ඥාතින් විසින් කඩිනමින් එම තරුණයාව පුත්තලම රෝහලට…

Read More

කුලී ගමන් යන මුවාවෙන් පැමිණ ත්‍රිරෝද රථ රියදුරකුට පිහියෙන් ඇන ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ සිද්ධියක් වාද්දුව, තල්පිටිය, ලෝලුගස් මංකඩ මංසන්ධිය ප්‍රදේශයෙන් වාර්තා වේ. සැකකරු ත්‍රිරෝද රථ කුලියට ගමන්ගන්නා ස්ථානයට පැමිණ ඔහුට පානදුර පින්වත්ත ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා ඇත. පසු ව පින්වත්ත ප්‍රදේශයට යන අතරතුර එම ත්‍රිරෝද රථයට තවත් පුද්ගලයන් දෙදෙනෙකු නංවාගෙන ඇති අතර, එම තිදෙනා ද කැටුව ත්‍රිරෝද රථය පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසලට ගොස් ත්‍රිරෝද රථ රියදුරාට ත්‍රීවිල් රථයෙන් බැස යන ලෙස ඔවුන් තිදෙනා ප්‍රකාශ කොට ඇත. ත්‍රිරෝද රථ රියදුරු රථයෙන් බැස යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, පුද්ගලයන් තිදෙනා ගෙන් එක් අයකු ඉනෙහි සඟවා තිබූ තියුණු…

Read More

වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. ඊයේ (15) දහවල් අදාළ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යට…

Read More

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්තයින්ගේ සංගමය සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම එය නොසලකා හැරීමේ ද හැකියාවක් නොමැති බැවින් එම තත්වයට මුහුණ දීමට රට සුදානම් කළ යුතු බවද ජනාධිපතිවරයා පවසයි. රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය. නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ තුන්ගුණයකින් වැඩිකිරීමට රජය පියවර ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රට මුහුණ පා…

Read More

වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ පුංචි දැරියකට අවාසනාවන්ත ලෙස ඊයේ (15) දිවි අහිමි විය. තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය. අනතුරින් මියගියේ සෙහන්සා නෙත්මි නම් දැරියක් වන අතර ඇයගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ ඊයේ දිනටය. වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ පන්ති කාමරය ඉදිරිපිට පිහිටි ජල කරාම පෙළ වෙත සිසු සිසුවියන් පිරිසක් ගොස් තිබුණේ අත් සේදීම සඳහාය. විවේක කාලය යෙදී තිබුණු පෙරවරු 10.30ට පමණ ඔවුන් එහි ගොස් තිබුණේ වෙනදා පරිදි, පුරුදු දඟකාරකමිනි. අත් සෝදමින් සිටි සිසු සිසුවියන් 6 දෙනෙකු අනතුරට ලක්කරමින් නොසිතූ ලෙස එක්වරම එම ඉදිකිරීම කඩා වැටී තිබුණි. එහිදී, මෙම…

Read More

චීන ජනාධිපති ෂි ජින් පින් අමෙරිකාවට පැමිණ තිබේ. ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීම සඳහා චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. චීන ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණ ඇත්තේ, වසර 06කට පසු ව වීම ද විශේෂත්වයකි. සමුළුව අතරතුර ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

Read More