Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක් අයවැයකින් අර්බුදය විසඳන්න බෑ – ජනපති
    Featured

    එක් අයවැයකින් අර්බුදය විසඳන්න බෑ – ජනපති

    By LFNNovember 16, 2023No Comments4 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්තයින්ගේ සංගමය සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    එමෙන්ම එය නොසලකා හැරීමේ ද හැකියාවක් නොමැති බැවින් එම තත්වයට මුහුණ දීමට රට සුදානම් කළ යුතු බවද ජනාධිපතිවරයා පවසයි.

    රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

    නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ තුන්ගුණයකින් වැඩිකිරීමට රජය පියවර ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පසුබිම සකස් කරමින් මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන ඇස්තමේන්තු බාහිර සාධක මත වෙනස් විය හැකියි. මක්නිසාදයත් වර්තමානයේ ගාසා තීරයේ පවතින ගැටුම් තත්ත්වය පවා ඉදිරියේදී මෙරට ආර්ථිකයට බලපෑ හැකියි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයේ සියළු රටවල්වලට බලපානවා. ලෝක බලවතුන් එකතු වී ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ ද ඒ නිසයි. මැදපෙරදිග සිදුවන දේවල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපෑම් කළ හැකියි.

    පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට සැලසුම් කළ යුතුයි. ඉන්පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. මා මේ වනවිට අයවැය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු අයවැය යෝජනාවලියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කළා. මෙවර අයවැය යෝජනාවලියෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා ඉදිරිත් කර තිබෙනවා. එක අයවැයකින් මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකියි.

    මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කර ගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. නමුත් මෙම අයවැය මැතිවරණ අයවැයක් නොවෙයි. මෙවර අයවැය නව ආර්ථික ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ අයවැයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිම, පෞද්ගලික අංශයේ ගැලපීම්, අස්වැසුම වැනි සමාජ සුබසාධක වැඩසටහන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කර තිබෙනවා. ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා වැටුප් වැඩිකිරීම අවශ්‍ය වෙනවා. නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අයවැය මඟින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කළ මුදල තුන්ගුණයකින් වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම පෞද්ගලිකකරණය මේ අය වැයෙන් යෝජනා කර තිබෙනවා. අක්කර මිලියන දෙකක පමණ ප්‍රමාණයක් බලපත්‍ර ලාභී ඉඩම් හිමියන් බවට පත් කරනවා.

    ඒ වගේම හරිත බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. හරිත ආර්ථිකය සඳහා කැපවන ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට පසුබිම සකස් කිරිමට අවශ්‍ය කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

    විශේෂයෙන් වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම පිළිබඳ සැලසුම් ද මෙම අයවැයට ඇතුළත් වෙනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා පවතින අවස්ථාවන් හඳුනාගෙන ඇති අතර, සංචාරකයින් මිලියන 5ක් ආකර්ශනය කර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

    නිෂ්පාදනයේ තරගකාරිත්වයේ අවශ්‍යතාවය පිළිගනිමින් ඉන්දියාව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP), අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සහ යුරෝපා සංගමය (EU) සමඟ සම්බන්ධවීම වෙනුවෙන් ද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා. බංගලාදේශය සහ නැගී එන ආර්ථිකයන් සහිත රටවල් සමඟ තරග කිරීමේ අභියෝග හඳුනා ගෙන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මෙවර අයවැය මඟින් සකස් කර තිබෙනවා. ඒ වගේම ආර්ථික වෙනස්වීම්වලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතුයි.

    එහිදී පෞද්ගලික අංශය සඳහා පෞද්ගලික නව විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයි නගරයේ පිහිටි අයි අයි ටී (IIT) විශ්වවිද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. දේශගුණික විපර්යාස සඳහා නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ප්‍රධාන වරාය සහ විභව සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම තුළින් කලාපීය සේවා සැපයුම් සඳහා ඇති හැකියාව සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. 2030-2035 වන විට නවීන ආර්ථිකයක් කරා ළඟා වීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මෙවරය අයවැය මඟින් අප ඉලක්ක කර තිබෙනවා.

    අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ අභියෝග ජය ගැනීමට සහ රට ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් බලමුළු ගැන්වීම සඳහා පුද්ගලික අංශය, විදේශ ආධාර සහ විශ්‍රාමික වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කළ යුතුයි. එවැනි කැපවීමකින් තොරව රජය පමණක් සිදු කළ හැකි කාර්ය භාරය සීමාසහිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.