Author: LFN
රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි කියයි. සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ බාහිර අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වූවකු බව පොලිසිය සඳහන් කරයි. 28 වැනි වියේ පසුවන සැකකරු පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පොල් ගැසූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඔහුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.
දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය. එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරය වැඩිදුරටත් පැවසීය. මෙහිදී විශේෂයෙන් කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඒ තුළින් ද මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් එම ප්‍රමාණය ඉහළ දැමීමටද තීරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස මිල ඉහළ දැමීම මහා පරිමාණ මෝල් හිමියන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන බවත් ඒ සඳහා ස්ථීර විසඳුමක්…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටලු විසඳා ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම ලිපියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් පමණ අත්සන් තබා තිබුණි.
එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය සදහා ලබන මස 10 ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවේය. එහි සඳහන් වන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මකවීම අවශ්‍යතාවයක් වන අතර එම කවුන්සිලය අදාළ තීරණයට එළැඹුනේ සියලුම පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී බවය. ශ්‍රී ලංකා ක්‍රිකට්, එවැනි තහනමක් ඉල්ලූ බවට අමාත්‍යවරයා එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ තහනම හැකි ඉක්මනින් ඉවත් කරගැනීමට බලාපොරොත්තු වන බවය. අදාළ චෝදනා වෙනුවෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ගවලින් බැහැරව මාධ්‍ය ඔස්සේ මහජන මතයට බලපෑම් කරමින්…
මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා තිබේ. ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය. එමෙන්ම දැඳුරු ඔය, තබ්බෝව, වෙහෙරළගල, ලුණුගම්වෙහෙර, මව්ආර සහ උඩවලව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. බගවන්තලාව මහඑළිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමුඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස…
යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවය. පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර, ඉන්පසු ඇති වූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්න ව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත් වූ බවට හානි තක්සේරු කර ඇත. මේ හේතුවෙන් වගා හානි වන්දි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…
පොලිස්පතිවරයාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබේ. වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තුන් වැනි වරටත් සේවා දිගුවක් ලබාදීමට තීරණය කළ අතර, එය නොවැම්බර් මස 03 වැනිදා සිට බලපැවැත්විණි. ඒ අනුව සති 03ක කාලයක් සඳහා මෙම සේවා දිගුව ලබාදුන් අතර, ඔහුට මේ වන විට අවස්ථා 04ක දී සේවා දිගු ලබා දී ඇත. කෙසේ වෙතත් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු ව ඇති බව ද වාර්තා වනවා. මෙම තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ කිසියම් බෙදීමක් ද හටගෙන ඇති බව වාර්තා…
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගිය සිද්ධියක් තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. කාන්තාව විසින් ක්‍රිකට් පිත්තකින් ඔහු ගේ හිසට පහර දී ඇති අතර, බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරු ව මියගොස් ඇත. මිය ගොස් ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනයට සම්බන්ධ 42 හැවිරිදි සැකකාරිය තිස්සමහාරාම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.