Author: LFN

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත ආරක්ෂක අමාත්‍යංශය කැඳවා තිබේ. කාරක සභාව අද පස්වරු 02ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ඊට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

Read More

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මේ වනවිට පැති කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේ දී නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, මේ වනවිට මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පරීක්ෂණ පවත්වන බවය. අදාළ විමර්ශන අවසානයේ දී සිදුවීම පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ලබාගත හැකි බවත් එයට වගකිව යුතු පාර්ශව කවුරුන්ද යන්න අනාවරණය කළ හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ…

Read More

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 2024 වසරේ සාමාන්‍ය පෙළ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.

Read More

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය. ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

Read More

නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවද ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. “මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාවට අපි සියලුමදෙනා ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියා පිළිවෙත් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්, සියලුදනො එක්ක එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. එහෙමත් නැතිනම්…

Read More

ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. මේ අතර සත 25 බද්දට ආනයනය කළ සීනි තොග රුපියල් 275ක උපරිම සිල්ලර මිල යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේය.

Read More

දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 දෙනෙක් සඳහා සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීම තම අපේක්ෂාව බවයි.

Read More

විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඔක්තෝබර් මස 24 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 2024 වර්ෂයේ මාර්තු 31 වනදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. ඊට අදාළ කොන්දේසි පහතින්, උපුටා ගැනීම. 01. මෙම වීසා යෝජනා ක්‍රමය යටතේ ගාස්තු රහිත වීසා ක්‍රමවේදයක් භුක්ති විඳීම සඳහා රාජ්‍යතාන්ත්‍රික, නිල, රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි ඉහත නම් කර ඇති රටවල ජාතිකයෝ…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු පළාත්වල අද පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More

තිහාරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු අද අලුයම ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකාර වෛද්‍යවරියගේ ඥාතියෙකි. අවිවාහකයෙකු වන 59 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකාර වෛද්‍යවරිය මෙන්ම ඇයගේ සැමියාද වෛද්‍යවරයෙකු වන අතර ඔවුන් දෙදෙනාම එහි සේවයේ නිරතව සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිට්ටඹුව පොලීසිය පවසන්නේ ඝාතනය සිදුකර ඇති බවට සැකකරන පිරිස විසින් එහි තිබූ මුදල් ද රැගෙන ගොස් ඇති බවය. මේ අතර ඊයේ රාත්‍රියේ තිහාරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් දෙකක් ද බිඳ මුදල් සොරාගෙන ගොස් ඇති බවට වාර්තා වී තිබේ. පොලීසිය සැකපළකරන්නේ…

Read More