Author: LFN

අඩු ආදායම්ලාභීන්,කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අද (27)අත්සන් තබා තිබේ. චීන රජයේ ආධාර මත මෙම නිවාස ඉදි කෙරෙයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල ගිවිසුමට අත්සන් තැබූ අතර චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතායි. ගිවිසුම අත්සන් තැබීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. වසර තුනක් ඇතුලත ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව…

Read More

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් උඩහමුල්ල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ගේ ඇඟිල්ල පිහියකින් කපා ඔහු සන්තකයේ තිබූ රුපියල් 7300 මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි තුවාල ලද ඉංගිරිය පහළ ඌරුගල පදිංචි කොන්දොස්තර වරයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත මාර්ග අංක 176 ඉංගිරිය හෙට්ටියා වත්ත උදෑසන ඉංගිරිය නගරයෙන් ආරම්භ කරන බස් රථයේ සේවය සදහා සඳහා ත්‍රීරෝද රථයකින් ඉංගිරිය නගරයේ වෙත පැමිණ තිබූ කොන්දොස්තරවරයා තිරෝද රථය වෙළෙඳ සලක් අසල නවතා ප්‍රවේශපත්‍ර යන්ත්‍රය රැගෙන ගාල් කර තිබූ බස්රථය වෙත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී තිබූ බව පොලිසිය කියයි

Read More

සොරාගත් ත්‍රිරෝද රථවල යමින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටී තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සමග අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. ඒ සමග වායු සමීකරණ යන්ත්‍ර 15 , ඒවා ගැලවීම සදහා භාවිතා කරන උපකරණ තොගයක් , ත්‍රීරෝද රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 10 පොලිස් භාරයට ගෙන තිබේ. මාලිගාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් දෙකක වායු සමීකරන සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව වායු සමීකරන සොරාගැනීමේ මහා පරිමාණ ජාවාරමක සුලමුල අනාවරණය…

Read More

වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද ((24) පෙරවරුවේ සිට යථා තත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි ඒ අනුව දින දෙකකට පමණ පසුව අද (24) පෙරවරු 10.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය ද, පෙරවරු 11.00ට බදුල්ල සිට මහනුවර බලා භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ද ගමන් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය . තවද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල කොළඹ කොටුව අතර නවතා දමා තිබෙන රාත්‍රි තැපැල් දුම්රිය ද අද (24) දින ධාවනය කිරිමට කටයුතු කරන බවද දුම්රිය බළධාරීන් පැවසූහ .

Read More

රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන තිබේ. සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව පසුගිය සැප්තැම්බර් මස 13 වනදා කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලීසිය අවසර ගෙන තිබුණි. ඒ අනුව ගණේමුල්ල සංජීවගෙන් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රශ්න කිරීම් සිදුකෙරේ. එම ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇති අතර, ඊට පුද්ගල ඝාතන 12ක් හා වෙඩිතබා තුවාල සිදුකිරීම්…

Read More

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කරන ලද නායකයින්ගේ ඡායාරූප ප්‍රදර්ශණයක් කිලිනොච්චියේදී පවත්වා ඇත. එම ජායරූපයන් කිලිනොච්චිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත්තේ “දෙමළ භූමයේ සැබෑ නායකයෝ” යන ශීර්ෂ පාඨය සහිත බවට වාර්තාවේ.

Read More

හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිකුරාදා (24) ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි. දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද (23) උදෑසන 10 සිට දින 4ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්‍රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්තමේන්තුව අද රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවය. එසේම අත්තනගලු ඔයේ සහ මහ ඔ

Read More

2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කරන ලද අතර එමගින් වී මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට වෙළෙඳපළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල් හිඟයක් ඇති නමුත් එම හිඟය වෙළෙන්දන් කෘත්‍රිමව නිර්මාණය කළ එකක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. 2022/23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් ලක්ෂ 8ක වී වගා කළ අතර එම වර්ෂයේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ලබා ගෙන ඇතැයි ද සාමාන්‍යයෙන් රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර ඒ අනූව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක පමණ අතිරික්තයක්…

Read More

දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. රික්ටර් මාපකයේ 7ක් ලෙස සටහන් ව තිබු එම භූ කම්පනයේ බලපෑම වනුආටු කලාපයට සිදුව ඇති බව එහි සඳහන් ය. එම භූ කම්පනය පෘථිවී මතුපිටට කිලෝ මීටර් 10ක් පමණ අභ්‍යන්තරයේ සිදුව ඇත.

Read More