Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගණේමුල්ලේ සංජීව සිදුකළ අපරාධ ගැන හෙළිකරයි
    Featured

    ගණේමුල්ලේ සංජීව සිදුකළ අපරාධ ගැන හෙළිකරයි

    By LFNNovember 24, 2023No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන තිබේ.

    සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව පසුගිය සැප්තැම්බර් මස 13 වනදා කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

    අනතුරුව ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලීසිය අවසර ගෙන තිබුණි.

    ඒ අනුව ගණේමුල්ල සංජීවගෙන් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.

    එම ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇති අතර, ඊට පුද්ගල ඝාතන 12ක් හා වෙඩිතබා තුවාල සිදුකිරීම් 8ක් ද ඇතුළත් වෙයි.

    එමෙන්ම ගණේමුල්ල සංජීවගේ අපරාධ කල්ලියේ සාමාජිකයන් 18 දෙනෙකුද ඔහු නීතිවිරෝධී අයුරින් විදෙස්ගත කර තිබෙන බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබේ.

    තවදුරටත් අනාවරණ වූ තොරතුරුවලට අනුව අපරාධ සිද්ධි 9ක් සඳහා භාවිත කළ විවිධ වර්ගයේ ගිනි අවි කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර සැකකරුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහුට අයත් බැංකු ගිණුම්, දේපළ හෝ වාහන පිළිබඳව කිසිඳු තොරතුරක් අනාවරණ කරගැනීමට මෙතෙක් පොලිසීයට හැකිවී නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.